[ 2nd tale ]

1.6K 258 78
                                    

"May I comi'n sir ?"

ජන්ග්කුක් කැබින් එකේ දොරට තට්ටු කලාම ඇතුලින් ඇහුනේ ගොඩක් ගැඹුරු ඒත් සියුමැලි කටහඩක්

"Come"

ජන්ග්කුක් දොර ඇරන් ඇතුලට අඩි තිබ්බේ බයෙන් බයෙන්.මෙච්චර වෙලා බිම බලන් හිටපු ජන්ග්කුක් ඔලුව ඉස්සුවම දැක්කේ ටේහියුන්ග් glass window එකෙන් එලියේ පේන කාර්යබහුල සෝල් නගරය දිහා බලන් ඉන්නවා.

"නම ?"

ටේහියුන්ග් ඇහුවේ තාමත් එලිය බලාගෙන.ජන්ග්කුක් වචන පටලවන් උත්තර දෙන්න ට්‍රයි කලා.

"ජ...ජන්ග්...කුක්, සර් "

"නම ඇහුවම සම්පූර්ණ නම කියන්න පුරුදු වෙන්න.මොන ජන්ග්කුක් ද කියන්න මං දන්නවද ?"

ටේහියුන්ග් සැරෙන් කිව්වම ජන්ග්කුක් බය වුනා.

"මං...මං ජියොන් ජන්ග්කුක්"

"හ්ම් ! දැන් තමුන් දන්නවද තමුන්ට කරන්න තියෙන වැඩේ?"

"මං සර්ගේ private secretary..."

"හ්ම් හ්ම් private secretary කියලා නමට හිටියට වැඩක් නෑ.තමුන්ට අදාල වැඩේ හරියට කරන්න ඕන'"

ටේහියුන්ග් නිකමටවත් මහන්සි වුනේ නෑ ජන්ග්කුක් දිහා බලන්න.ජන්ග්කුකුත් හිටියේ බිම බලන්

"හරි සර් මං මගේ උපරිමයෙන් කරන්නම් "

"කරන්නම් නෙමෙයි කරනවා ! "

"ඉතින් කරනවායි කරන්නම් කියන දෙකම එකයිනේ !!!"

"ආයිශ් මගේ ඔලුව කන්න එපා"

"ඒ තරම් මට බඩගිනි නෑ.අනික ඔය කුණු මොලේ කන්න පිස්සුත් නෑ හහ් "

"මොකක්ද තමුසේ කිව්වේ? මට ඇහුනේ නෑ"

"මුකුත් නෑ සර්"

ජන්ග්කුක් අහිංසක විදියට හිනා වුනේ දත් සෙට් එකම display දාගෙන

"තමුන් හොදට රාජකාරිය කරයි කියලා හිතනවා.ඊට කලින් rules වගයක් තියෙනවා.
1 st rule එක තමා ~~~"

ටේහියුන්ග්ට එයා කියන් ගියපු වාක්‍යයේ සම්පූර්ණ කරන්න වුනේ නැත්තේ ජන්ග්කුක් මැද්දෙන් පැනපු නිසයි.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now