[ 10th tale ]

1.4K 228 56
                                    

"ම්ම්ම් ඔතනින් දකුණට දාන්න ජිමින්"

ජන්ග්කුක් ෆෝන් එකේ මැප් එක දිහා බලාගෙන කිව්වම ජිමින් දකුණු පැත්තට එයාගේ කාර් එක හැරෙව්වා.

"දැන් ?"

"ම්ම්ම් ආ තව ගෙවල් දෙකක් පහුවෙන්න ඕන.ආ...ඔය තියෙන්නේ හරි හරි ඔය කලු පාට ගේට් එක "

ජිමින් ජන්ග්කුක් කිව්ව තැනින් කාර් එක නතර කලා.කාර් එක තිබ්බේ ලොකුම ලොකු කලු පාට ගේට් එකක් ඉස්සරහ.ඇතූලේ මොනාද තියෙන්නේ කියලා එලියේ ඉන්න කෙනෙක්ට කොහොමටවත්ම බලන්න බෑ.ඒ තරම්ම ඒ ගේට් එක උසයි.

"ඒ බන් උබේ බොසා වැරදිලාවත් අර මන් කියවන Wattpad කතා වල ඉන්නවා වගේ mafia boss කෙනෙක් හෙම නෙමෙයිනේ "

"කියන්නත් බෑ ! හියුන්ගි සර්ගේ මූන බැලුවම ඒ වගේ වයිබ් එකකුත් පේනවා "

ජන්ග්කුක් කිව්වේ හිනාවෙවී කාර් එකෙන් බහින ගමන් ඊටපස්සේ එයා කාර් එකේ දොර වැහුවා.ශටර් එක පාත් කරපු ජිමින්,

"මම ඔය ටේහියුන්ග්ගේ ෆෑන් කෙනෙක් බව ඇත්ත.ඒත් බං මං මේ වගකීමෙන් කියන්නේ ඌ අල්ලන්න එහෙම ආවොත් දීපන් පෑන් එකෙන් ඔලුවට හතරට පොලට පැලෙන්න ! හානේ ?"

"හරි හරි මං දෙන්නම්කෝ ගුටි 😅😅😅"

ජිමින් කිව්ව හරුපේ අහලා ජන්ග්කුක්ට මැරෙන්න හිනා.ඒත් එයාට සතූටු හිතුනේ එයාගේ යාලුවාගේ හිතේ එයා ගැන කොච්චර ආදරක් තියෙනවද කියලා දැනිලා...
ජන්ග්කුක්ට සමුදීපු ජිමින් වේගෙන් කාර් එක එලවන් ගියේ හොදටම පරක්කු වෙලා තියෙන නිසා...

ජන්ග්කුක් හිමින් හිමින් ඉස්සරහට ඇවිදන් ගිහින් සිකුරිටි රූම් එකේ හිටපු අංකල්ට කතා කලා.

"Excuse me අංකල් , මං සර්ගෙ private secretary . මට ඇතුලට යන්න පුලුවන්ද "

ජන්ග්කුක් ඒ අංකල්ට එයාගේ කම්පැනි අයිඩී එක පෙන්නන ගමන් කිව්වා.

"ඕ.. පුංචි බේබි කිව්වා තමා ඔෆිස් එකේ කෙනෙක් එනවා කියලා.බලං ගියාම චූටි බබෙක් වගේ මාත්තියෙක්නේ ඇවිල්ලා තියෙන්නේ...ඔහොම ඉන්නකෝ මං ගේට්ටුව අරිනකන්!"

අංකල් ජන්ග්කුක් එකක් ලස්සනට හිනාවෙලා කතා කලාම නම් මෙච්චර වෙලා ජන්ග්කුක්ගේ තිබ්බ බය නැති වුනා.
අංකල් සිකුරිටි රූම් එක ඇතුලට ගිහින් button එකක් press කලේ ගේට් එක ඔටෝ ඕපන් වෙද්දි...
අංකල්ට ආචාර කරපු ජන්ග්කුක් ඇතුලට ඇවිදන් ගියේ ටිකක් බයෙන් බයෙන්.ඒත් එක්කම හයියෙන් ගේට් වැහිලා ගියා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now