[ 3 rd tale pt.1]

1.4K 243 29
                                    

"Yaaaaah jeon fucking Jungkook ! What the fuck happening here ???"

ටේහියුන්ග් යටිගිරියෙන් කෑ ගැහුවේ ජන්ග්කුක් ගැස්සිලා ඉදන් හිටපු ටේබල් එක උඩින් බිමට පනිද්දී.
ටේහියුන්ග්ට හොදටම තරහ ගිහින් ඉන්නේ කියලා දැක්ක ගමන්ම පේනවා.ඒ ඇස් හරි නපුරුයි වගේම සැරයි.

"මං මෙතන කේක් එකක් බේක් කරනවා වගේද සර්ට පේන්නේ?"

ටේහියුන්ගේ අත් වල නහර වල් ඉලිප්පුනේ එයා ඉවසීමේ අන්තිමටම ඇවිත් හිටපු නිසා.
ජන්ග්කුක් කිසිම බයක් නැතුව කතා කරපු නිසා හැමෝම පුදුමෙන් වගේ ජන්ග්කුක් දිහා බැලුවා.ජොන්ග් සුක් ඔලුව අත ගහගත්තේ ජන්ග්කුක් ආපු පලවෙනි දවසම අන්තිම දවසත් කරගෙන ඉවර නිසා.

"තමුන් !!! තමුන් මොකක්ද දැන් කිව්වේ අහ් ?"

ටේහියුන්ගේ ඇස් තරමටම රතූ වෙලා
දැන් නම් ජන්ග්කුක්ටත් අලි කෙල ගුලියක් ගිලුනා.

"මං..මං මුකුත්- කිව්වේ නෑ ... නේ ?"

"හහ් ! කිව්වේ නැද්ද ආ ?

ටේහියුන්ග් එකපාරටම ජන්ග්කුක් ගාවට විදුලි වේගෙන් ඇවිත් කට දෙපැත්තෙන් තද කරලා අල්ල ගත්තේ හැමෝම බය වෙද්දි

උබ දන්නවද උබ මේ කරපු පාඩුවේ වටිනාකම ආහ් ?තමුන් වගේ නිකමෙක්ට විනාඩි තිහක් කියන්නේ නිකන්ම දෙයක් වෙන්න ඇති.ඒත් මට ඒක මිලියන ගාණක් වටිනවා.තමුන් ආපු වෙලේ ඉදන් කරපු එකම දේ කියවන එක විතරයි.මගේ වැරැද්ද උබව වැඩට ගත්තු එක."

ටේහියුන්ග් එයාගේ අත් ජන්ග්කුක්ගෙන් අරන් හුස්ම ඇරියේ හයියෙන්
ජන්ග්කුක් නම් ඉන්නේ හොදටම බය වෙලා

"ඉතින්...සර්- මට...කිසිම වැ-ඩක් දුන්නේ... නෑනේ...හුම්"

"දුන්නේ නෑ තමා.දෙනකන් විනාඩි තිහක් එකතැනකට වෙලා ඉන්න බැයිද ආ ?"

ටේහියුන්ග් ආපව් ජන්ග්කුක්ගේ ඇගට කඩාගෙන පැන්නේ ජන්ග්කුක් බයටම පිටිපස්සට යද්දී
බැරිම තැන ජොන්ග් සුක් ටේහියුන්ග්ව පැත්තකට කලේ කෝට් එකෙන් අල්ලන්.මොකද ජොන්ග් සුක් දැනන් හිටියා ටේහියුන්ග් කාගෙවත් ස්පර්ශයන් වලට ආස නෑ කියලා.පපා අප්පා ලග විතරයි....

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now