[ 6 th tale ]

1.3K 226 16
                                    

දැන් ජන්ග්කුක් වැඩට ඇවිල්ල සතියක් වෙනවා.

ජන්ග්කුක් දැන් කලින් වගේ නෙමෙයි.හොදට උනන්දුවෙන් වැඩ කරනවා.එයා තමා දැන් fashion week එක භාර හැම වැඩක්ම කරන්නේ...
ටේහියුන්ග්ටත් හිතා ගන්න බෑ එයාගේ වැඩ.
දැන් නම් fashion week එකට ගොඩක් ලෑස්තියි.
මේ දැනුත් ජන්ග්කුක් වැඩ ,
දැන් නම් ටේහියුන්ග්ට එපා වෙලා ඇයි ඉතින් වෙනදා ඔහේ පිස්සු නට නට ඉන්න කියෝ කියෝ ඉන්න ජන්ග්කුක් නෑනේ.
ඉතින් ටේහියුන්ග්ට හරි පාළුයි.රණ්ඩු වෙන්න කෙනෙකුත් නෑ.ටේහියුන්ග්නුත් චුට්ටක් විතර වෙනස් වෙලා.වෙනදට වඩා හිනාවෙනවා,තරහ ගන්නේ අඩුවෙන්,ඔෆිස් එකේ අයත් එක්ක චූටි චූටි විහිලු කරනවා...
ඒ දෙන්නා මේ ටික දවසට ගොඩක් ලං වෙලා.හොදම යාලුවෝ වගේ නිකන් !

"ජන්ග්කුක් "

"ඇයි සර්"

ජන්ග්කුක් උත්තර දුන්නේ එයා කර කර හිටපු වැඩෙන් අවධානය ගන්නේ නැතුවමයි.

ජන්ග්කුක් උත්තර දුන්නේ එයා කර කර හිටපු වැඩෙන් අවධානය ගන්නේ නැතුවමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ බඩගිනියි වගේ නේද "

ටේහියුන්ග්ට ඇති බඩගින්නක් නෑ.ඒත් බොරුවට බඩ අල්ල අල්ල ඔය කෙදිරි ගාන්නේ ජන්ග්කුක් එක්ක කතා කරන්න.

"මං මේ ටිකත් ඉවර කරල කන්නම්.සර් එතකන් කන්නකෝ"

ටේහියුන්ග් ඉවසලා ඉවසලා බැරිම තැන පුටුවෙන් නැගිට්ටේ එලියට යන්න කෑම ඕඩර් කරන්න.පුටුවෙන් නැගිටලා පුටුව , සද්දයක් එන්න පැත්තකට තල්ලු කලේ එයා පුටුවෙන් නැගිට්ට කියල හරි ජන්ග්කුක්ට notice වෙයි කියල හිතලා.ඒත් මොන ? ජන්ග්කුක් ඔලුව ඉස්සුවේ නෑ.ඊටපස්සේ දොර ලගට ඇවිදන් ගියපු ටේහියුන්ග් එලියට ගිහිල්ල දොර හයියෙන් වහලා දැම්මේ ජන්ග්කුක් ඒ සද්දෙට ගැස්සෙද්දි ... එයා ආපව් වැඩ කරන්න පටන් ගත්තා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now