[ 28 th tale pt.1 ]

1.3K 236 88
                                    

ටේහියුන්ග් උදේම කිචන් එකට ආවේ වතුර එකක් බොන්න කියලා.තව වෙලා ඉතුරු වෙලා තිබුනා ඔෆිස් යන්න...වතුර වීදුරුවකුත් පුරවගත්ත ටේහියුන්ග් එහෙම්මම සාලෙට ඇවිත් ටිවී එක දාගත්තා.එයා වෙනදා නම් ටීවි බලන්නේ නෑ.එයාට අද හරි කම්මැලියි වගේ.
ජන්ග්කුක්ව ඇහැරවන්නත් ලෝබයි.ඔන්න ඔහේ තව චුට්ට වෙලාවක් නිදා ගත්ත දෙන්.

ටේහියුන්ග් ඕනාවට එපාවට චැනල් මාරු කර කර විකාර නැටුවා.

ඔයා කොහොමද මට එහෙම කරන්නේ මං යනවා යන්න ඉහි ඉහි...

එය අනතුරට ලක් වී ඇති බවයි අපට වාර්තා වන්නේ...

මා ඔබට ප්‍රේම කරනවා රජතුමනි.
ඔබ මාගේ ප්‍රේමයේ බෘංගරාජයාණන්...

"ආයිශ් මොන මල විකාරද අප්පා මේ ටීවි වල යන්නේ.අදයි බලන්න ගත්තේ.තත්පරයෙන්ම එපා වුනා"

අන්තිමට මාරු කරල කරලා දා ගත්තේ කෑම උයන චැනල් එකක්.

"මොනාද ඒ හදන්නේ....ම්ම්ම් රස පාටයි
ඊව්...මොනාද ඒ දැම්මේ චීස්ද ? බුවෑක්කා"

චෙෆ් කෑම එක හදන හදන තත්පරයට ටේහියුන්ග්නුත් දිව කට රෝල් කර කර රියැක්ට් කරනවා.
ඊලගට චෙෆ් මොනාදෝ මන්දා දුඹුරු පාට ටිකක් හැලුවා.මොනාද අප්පා ඒ ?

ටේහියුන්ග් ඕනාවෙන් ඒ දිහා බලන් හිටියත් එකපාරටම කොහෙදෝ ඉදන් ලොකුම ලොකු බොක්ස් එකක් එයාගේ ඉස්සරහට පතබෑවුනා.
ටේහියුන්ග් ඒ වහලා තිබ්බ බොක්ස් එක දිහා ඇහිබැමකුත් උස්සන් බලලා ආපව්
ඒක මග ඇරලා ටීවි එකට අවධානේ දුන්නා.මොන අවධානෙද ඒ පාර කෙහෙදෝ ඉදන් මනුස්ස පරාණයක් මැද්දට පැන්නා .

ආ මේ මගේ ගුකී පැටියනේ...අනේ පැටියෝ ඔයාට නෙමෙයි හොදේ මනුස්ස පරාණේ කිව්වේ හී හී...

ජන්ග්කුක් අතුත් බැදගෙන ටේහියුන්ග් දිහත් බොක්ස් එක දිහත් මාරුවෙන් මාරුවට බැලුවේ මූනත් ඔහොක් කරගෙන.

"අනේ...ඔය කොයි වෙලේද නැගිට්ටේ ? මං නැගිට්ට වන්න එන්න තමා හැදුවේ..ඔෆිස් යන්න තව වෙලා තියෙන නිසා- "

"අපි අද ඔෆිස් යන්නේ නෑ !"

ජන්ග්කුක් ඇදලා අරන් දමලා ගැහුවා වගේ කියලා දානකොට ටේහියුන්ග්ව උඩ ගියා.
කොහොමද දෙයියනේ ඇත්තටම CEO කෙනෙක් එහෙම හිතු මනාපෙට ගෙදර ඉන්නේ

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now