[ 31th tale ]

1.3K 232 70
                                    

තනියෙම ඉදගෙන ඉන්න ජන්ග්කුක් අඩනවා දැක්ක ජොන්ග් සුක් ඉක්මනට ජන්ග්කුක් ලගට දුවගෙන ආවේ කලබලයෙන්
ජන්ග්කුක් ලගට ඇවිත් එයාගේ එහා පැත්තෙන් වාඩි වුන ජොන්ග් සුක්,

"කුකී..."

ජන්ග්කුක්ගේ සද්දයක් නෑ.එයා කල්පනා ලෝකෙක ගිලිලා හිටපු නිසා එයාට දැනූණේ නෑ ජොන්ග් සුක් ආවා කියලා.
ඒ පාර ජොන්ග් සුක් පිටට තට්ටුවක් දැම්මා.

"කුකී මොකද ලමයෝ අඩන්නේ ඔයාට ප්‍රශ්නයක්ද ?"

ඒ පාර නම් කුකී ඉක්මනට කදුලු පිහදාගෙන ලාවට ජොන්ග් සුක් එක්ක හිනා වුනා.

"අනේ නෑ හියුන්ග්.මට ටිකක් මහන්සියි වගේ"

ජොන්ග් සුක් දැක්කා ජන්ග්කුක්ගේ අත බැන්ඩේජ් කරලා තියෙනවා.

"මොකද කුකී වුනේ ඔයාට මොනාද වුනේ...මේ අත තුවාල වෙලා තියෙන්නේ ඇයි ?"

"ලොකු දෙයක් නෑ හියුන්ග් මේ ...අත තුවාල වුන.දැන් හියුන්ග් යන්නකෝ පාර්ටි එක එන්ජෝයි කරන්න.මං හොදින්."

ජන්ග්කුක් එහෙම කියලා ආපව් අහක බලා ගත්තා.එයාට දැන් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න ඕන නෑ.එයාට ඕන එයාගේ හියුන්ගි සර්ව.ජන්ග්කුක්ට ඕන එයාව විතරමයි මේ වෙලාවේ

_____________________________________❤️

"ඇයි උබ කිව්වේ මේක රහසක් විදියට තියාගන්න කියලා ටික දවසක් යනකම්"

"නැහැ බං මං කල්පනා කලේ කොල්ලා තාම වැඩට ඇවිත් මාසයක් වගේනේ ... පොඩ්ඩක් හදිස්සි නොවී ඉදපං.දැන් උබ දන්නවනේ ජන්ග්කුක් උඹට ආදරෙයි කියලා.ඉතින් ටිකක් බලමු."

"ජන්ග්කුක් මුකුත් හිතන එකක් නෑ නේද යුන්ගි ?"

"මම හිතන්නේ නෑ එයාටත් තේරෙනවනේ අපි එහෙම කියන්නේ ඇයි කියලා."

"මට දුක බං... මං නිසා ජන්ග්කුක්ටත් දුක් විදින්න වෙලා.චෑන් ඔය ජන්ග්කුක්ට රිද්දලා කරන්නේ මගෙන් පලිගන්න එක."

"හ්ම්ම් ! ඒ නිසා තමයි අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන "

"අනේ මන්දා බං ජන්ග්කුක් මැන්ෂන් එකට ආවේ මගේ බොරු බෝයි ෆ්‍රෙන්ඩ් විදියට ඒත් දැන් ආපව් යන්නේ මගේ ජීවිතේ වෙලා"

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now