අද ගොඩක් ලස්සන දවසක්.. මම කැම්පස් එකට යන පලවෙනි දවස අද.. ඇඹිලිපිටිය පහු කරලා තාත්තා කාර් එක ශෝර්ට් කට් එකකට දැම්මේ කෙලින්ම කඹුරුපිටියට යන්න.. දැන්නම් එන හුලගත් ටිකක් උනුහුම් වෙලා එන නිසා ශටරස් වහලා තාත්තා ac එක දැම්මා...
හෝ හෝ හෝ... ඔයාලා බලනවද මම කවුද කියලා... මම මනූජ නානායක්කාර... පවුලේ බඩ පිස්සා... අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා උන පවුලේ මෝඩයා තමයි මම.. අක්කාලා දෙන්නම මෙඩිකල් කොලේජ් ගියා... මාත් සයන්ස් තමා කලේ ඒ උනාට මම ඉතින් මේ ඔයාලා හිතන සාන්ත දාන්ත කූඩුවක් නෙවෙයි... මම වල බැස්ස එල කොල්ලෙක්.. මහ ලොකුවට බයෝ කරන්න ගත්තට කෙල වුනා මට... කෙල උනා නෙවෙයි කෙල්ව ගත්තා කිව්වොත් නිවරදී සහෝදර සහෝදරියනි.. මුලදිනම් ගැම්ම්මෙන් වැඩේ පටන් ගත්තේ පස්සේ තමා තේරුනේ මා කල වැරදි දුර දිග නොබලා...
සැලුනේ නැහැ හිතවතුනි... ලෙසටම වල බැස්සා මම වගේම මගේ කැ*රි යාලුවෝ සෙට් එකත් එක්කම... කෙල්ලෝ ටෝක් කලා... ක්ලාස් කට් කරලා ගන්ජා පොට් වලට ගියා.. අරක්කු සිගරට් නම් ඉතින් නතිං.... එක හොදකට තිබ්බේ කුඩු ගැහුවේ නැති එක විතරයි... ඉතින් කොහෙද බං මෙඩිකල් කොලේජ් යන්නේ... හැබැයි ඉතින් දෙයියනේ කියලා අපේ පවුලේ උන්ට බුද්දි නහරයක් වැඩියෙන් තියන නිසා A/L ගොඩ ගියා දෙයියනේ කියලා... යන්තන් බෝට්ටුවෙන් ඇග්‍රී ෆැකල්ටියට සිලෙක්ට් උනා... අම්මලාට නම් ඉතින් මාර හැපි ලැජ්ජ නැතුව කියන්න පුලුවන්නේ පුතත් කැම්පස් ගියා කියලා... මට තියෙන්නේ සතුටක්ද දුකක්ද කියන්න මම දන්නේ නැහැ... මට මගේ බොක්කවල් ටිකත් නැහැ... ඔය ලබු කැම්පස් වල ඉන්න උන් සෙට් වෙයිද දන්නෙත් නැහැ... ඔක්කොටම හපන් රෙද්ද... ඉගනගන්න එපැයි හු..ත.. ඒකත් අවුරුදු 4ක්.. කාලා වරෙන්කෝ...
කාර් එක දිගටම ගියා... දැන්නම් ටිකක් ආපහු සීතල ගතියක් ආවා.. මන් හිතන්නේ කඹුරුපිටියට ආවා... අපේ තාත්තා ගැන කියනවනම්.. මගේ අනිත් පැත්ත.. සාන්ත දාන්ත තීන්ත කූඩුව.. එකෝ මම හොස්පිටල් එකේදි මරු වෙලා... එයා පාඩුවේ ඩ්යිව් කරනවා... අනේ මෙහෙමත් නිවිච්ච කමක්... මටත් මොකෝ මාත් යනවා ඕන් ඔහේ...
"පුතා වෙලාව තියන නිසා අපි මුලින්ම බෝඩිමට ගිහින් බඩු ටික දාලා එමුද.. ඒක ලේසි නේද පුතා..."
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...