28

3.7K 373 81
                                    

"මගෙන් සමාව ඉල්ලන්න එපා අයියේ... මමයි උබෙන් සමාව ඉල්ලන්න ඕනි... මම උබ ගැන බැලුවෙ නැහැ... උබ ඇකඩ්මික් අනාගද්දි උබ කොන්ඩෙ රැවුල කපන්නැතුව ඉද්දී.. මම නිකමටවත් උබ ගැන බැලුවේ නැහැ... මට සමා වෙයන් අයියේ... උබ මට කොච්චර ආදරේ කරලද... කොහොමද මේ තරම් කැප කිරීම් කලේ..."

"මට උබ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ මනූ... උබට දුකක් නොදී මේක විසදුවේ නැති උනාට මටත් සමා වෙයන්... උබ මොනා හරි ජීවිතේට කරගනී කියලා බය නොවුනම නෙවෙයි මම.... උබ නොදන්නවා උනාට උබ පස්සෙන් මම හැම තැනටම ආවා... හොස්ටල් එකේදි මට වඩා හොදට සහන් උබ ගැන බලනවා කියලා මම දන්නවා... මට බය තිබුනෙම උබ ගෙදර ඉද්දි මොනා කරගනීද කියලා... ඒත් ගෙදර අය එක්ක ඉද්දි උබ මෝඩ වැඩක් කරගනී කියලා මම හිතුවේ නැහැ... උබ එදා ලිද පැත්තට යද්දිත් චේතියට කෝල් කරලා ගෙන්නුවේ මම... උබේ කෙස් ගහකටවත් කරදරයක් වෙන්න මම ඉඩ තියන්නැහැ... කාලයත් එක්ක උබ හිත හදන් ඉන්නේ කියලා තේරෙනකන් මම උබ එක්ක හැම තැනටම ආවා ගියා මනූ..."

මම ගැමාව බදාගත්තේ මට වෙන කියන්නවත් කරන්නවත්දෙයක් නැති නිසා... මගේ කදුලු වලින් ගැමාගේ මුලු පපුවම තෙමෙන්නැති... ටික වෙලාවක් යද්දි මගේ හිතේ තිබුන බර ටිකෙන් ටික සැහැල්ලු වෙලා යනවා කියලා මට දැනුනා.. මම කදුලු පියදාගෙන ගැමා දිහා බැලුවා...

"අයියේ... ඒ කියන්නේ උබ මට තාම ආදරෙයි නේද...උබ මට ආදරේ නැහැ කියලා කිව්වේ බොරු නේද..."

ගැමා මගේ මූණ අල්ල ගත්තා... "ඔව් මණික... උබ දැකපු දවසේ ඉදන් තිබ්බ ආදරේ ඒ විදිහටම තාමත් තියනවා... ඊටත් වඩා තියනවා.... මට කියපං... උබ ආපහු මගේ වෙනවද මනූ..."

"මම හැමදාම උබේ තමයි අයියේ... මොන දේ උනත් මගේ හිත තිබ්බේ උබ ගාවම විතරයි... මට සමා වෙයන් වෙන කෙනෙක් එක්ක සෙට් වෙන්න ගියාට... එහෙම කලේ උබේ මතකෙන් ඈත් වෙන්න... ඒත් මම අපේ ආදරේ ඉදුල් කලා නේද අයියේ..."

"ගිය දේවල් ගියා මනූ.... උබ කරපු දේ වැරදි නැහැ... මම උබට කියපු දේවල් එක්ක උබට එහෙම උන එක පුදුමයක් නෙමෙයි... ඒවා අතීතයට යන්න දීලා... මා එක්ක ආපහු වරෙන්... අපිව ආපහු කාටවත් වෙන් කරන්න බැහැ මැණික... තාත්තා පොලිසියේ කේස් එකත් එක්ක ආපහු එහෙම දෙයක් කරන්නැහැ... මගේ තාත්තා උනත් එයා මට කවදාවත් මට ඕන ආදරේ දුන්න කෙනෙක් නෙවෙයි... කන්න ඉගනගන්න සල්ලි දුන්නා... එහෙම කලේ එයාගේ නම්බුව බේරගන්න... එහෙම තාත්තෙක් මට හිටියත් එකයි නැතත් එකයි... මට අම්මයි නංගී හිටියම හොදටම ඇති... අපේ කතාව අපි ආපහු ලියමු මැණික... වෙනස් විදිහකට..."

මනූ... Where stories live. Discover now