8

2.4K 386 55
                                    

බයික් එකෙන් බහැලා ගැමා අයියා ටිකක් ඉස්සරහට ගියා... කිසි කතාවකුත් නැහැ

"මොකටද බං මෙතනට ආවේ.."

"කතා කරන්න.."

"මොනවා ගැනද"

"උබ ගැන"

"මං ගැන මොනවද... අනික මෙහෙම තැනක"

"ඔව් ඉතිං මෙහෙම තැනක නැතුව තොට ඕනි කැම්පස් එකේ බෙන්ච් එකක වාඩි වෙලා කතා කරන්නද"

"ඔව් එහෙම කතා කරන්න තිබ්බනෙ"

"එහෙම කතා කරන්න පුලුවන් ඒවා තියනවා බැරි ඒවා තියනවා.."

"ඒ තරමටම බැරි මොකද්ද"

"ඉස්සෙල්ලා මට මේකට උත්තර දීලා ඉදපං... උබෙන් ඇත්තම උත්තරේ මට ඕනි"

"මොකද්ද..." දැන් මගේ පපුවත් එකසිය ගානට ගැහෙන්න අරන්

"උබ ඒකිට සිරාද කරන්නේ"

"කටද"

"ඇයි උබට ගෑනු 10ක් නැහැනේ... අර උබ ෆිල්ම් හෝල් එකේ ඉදන් ආපු එකී ගැන අහන්නේ"

"ඔව්... සිරා..." ඔය මූණ බලන් මම කොහොමද බං කියන්නේ

"මා දිහා බලං කියපං" කියලා ඌ උගේ අතින්ම මගේ මූණ ඌ දිහාවට හරව ගත්තා...

"ඔව්... ඒත් ඒක මොකටද උබට" ඌ එහෙම්මම ටික වෙලාවක් බලා ඉදලා මම ගාවට ආවා..

"මොකද මා ගාවදි මෙන්න මේක ගැහෙන නිසා..." කියලා ගැමා උගේ අතක් මගේ පපුවට තිබ්බා...

"මේකත් ඒ තාලෙටම ගැහෙන නිසා" කියලා ඌ මගේ අතත් අරන් උගේ පපුවට තියා ගත්තා... මගේ වගේම තමයි උගේ පපුවත් හොදටම ගැහෙනවා... මට හිතාගන්න බැහැ... ඌ මේ කියන්න හදන්නේ ඌත් මට කැමතී කියලද

මම අත ඇදලා ගත්තා...

"උබ මොකද්ද කියන්න හදන්නේ.."

"උබ බබෙක් නෙවෙයිනේ නොතේරෙන්න"

"නැහැ මට තේරෙන්නැහැ"

ගැමාට තරහ ගියාද කොහෙද...

"මං කියන්නේ මං තොට ආදරෙයි කියලා හු..තෝ..." යකෝ ඔහොමත් බලු විදිහට ආදරේ කියනවද...

මං දන්නැහැ කියන්න ඒ හැගීම... මට සතුටට නටන්න හිතුනා... ඒ එක්කම බයට දුවන්න හිතුනා... මං මේ දෙකෙන් මොකද්ද දැන් කරන්න ඕනි??

මනූ... Unde poveștirile trăiesc. Descoperă acum