කඹුරුපිටියෙන් කොටුවට ට්‍රේන් එකේ ගිහින් එතනින් ආපහු නානුඔයට ට්‍රේන් එක ගන්න එක තමා අපේ ප්ලෑන් එක උනේ... යන මග දිගට අපේ උන් ගත්තේ වෙනම ආතල් එකක්... ඒවා එකින් එකට කිය කියා මගේ කතාව දිග්ගස්සන්න මට ඕනි නැහැ...
නානුඔයට එද්දි දවල් 12 ට විතර ඇති. දවල් කෑම සිකා අයියලාගේ ගෙදරින්.. අපේ සෙට් එකේ 5යි ගැමාලගේ සෙට් එකේ 6යි... සිකාලා වැඩිය සල්ලි බාගේ තියන අය නෙවෙයි.. අපි එපා කියද්දී ඌ කෑම ලෑස්ති කලේ... කෑම ටිකනම් සුපිරී...
කෑම කාලා.. අපි එහෙම්මම ග්‍රෙගරි පාක් එක ගාවට ගියේ... කට්ටියම ෆොටෝ ගහගත්තා ඇති වෙන්න.. ඊට වඩා දෙයක් උනේ නැහැ... මම ඔය ෆොටෝ කේස් එකේ ඉන්න එකෙක් නෙවෙයිනේ... මම නිකන් මතක් වෙන්න එකක් ගහ ගත්තා විතරයි..... ඒ ඇරුනම අනිත් උන්ගේ සෙල්ෆි වලට පොඩ්ඩක් හොම්බ දැම්මා...
"මොකද්ද බං ෆොටෝ එකක්වත් ගනින්කෝ..." ගැමා අයියා මාව එයා ලගට ඇදලා ගත්තේ සෙල්ෆියක් ගහන්න... මේ හු..තා කරන වැඩ වලින් කොයි වෙලේ හරි බුස් ගාලා යනවා මම හාර්ට් ඇටෑක් හැදිලා...
එකක් ගත්තා... ඒක හරි නැහැලු... හෙලවෙලාලු... අයෙත් එකක් ගත්තා... ඒකෙ මන් ඇස් පියන්ලු... මාව ලග තියාගෙන මූ මගෙන් ආතල් ගන්නවා.. උගේ ෆර්ෆුයුම් එකේ සුවදද දාඩිය සුවදද කියලා මම දන්නැහැ... ඒ සුවද මගේ පෙනහලු වලට පිටිපස්සෙන් තියන අවයවයකුත් පුරවනවා කියලා මට දැනෙනවා... ඒ හින්දමද කොහෙද දැන් ඒක හොදටම ගැහෙනවා...
අන්තිමට ඌ ෆොටෝ එක ගත්තා... ඌට ඕන විදිහට... මොනා වුනත් ඒක පට්ට ලස්සනයි...
"බලපංකෝ ඔන්න ඔහොමයි ෆොටෝ ගහන්නේ... බලපන්... මේක දා ගනින් උබේ ප්‍රෝෆ්‍යිල් පික්චර් එකට.. බලපන් දැන් තියන එකේ කැත... මන් මේක උබට whats app එකෙන් එවන්නම්.."
ඌ ෆෝන් එකේ මගේ නම්බර් එක හොයනවා... එවන්න ඉතිං මීට කලින් මගේ නම්බර් එක ඌට දුන්නේ නැහැනේ
"උබේ නම්බර් එක මා ගාව නැද්ද බං.. කෝ දීපන් ෆෝන් එක.." ඌම මගේ ෆෝන් එක අරන් ඒක මගේ මූන්ට අල්ලල ලොක් එකත් ඇරගෙන උගේ නම්බරේ ගහලා ඩයලුත් කලා...
දැන් එතකොට ඌගේ නම්බර් එකත් මා ගාව තියනවා... මේව ඉතින් කොල්ලො අතර වෙන නෝමල් දේවල්... හැබැයි ඒ කොල්ලා ගැමා වෙනකොට... ඒක දැනෙන්නේ වෙන විදිහකට... මට දැන් හොදටම පිස්සු බොලව්...
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...