25

1.9K 292 23
                                    

යලුවොන්ගේ විශේශයෙන්ම සහන්ගේ කෙයාරින්ග් එක නිසා මම මාස තුනක් හතරක් යද්දී ටික ටික යතා තත්වෙට ආවා... ගැමා දැකපු ගමන් අවුල් යන ගතිය ටිකක් අඩු උනා... ඒත් මරලා දාන්න පුලුවන් විදිහේ ආදරයක් නෙවෙයි ගැමා වෙනුවෙන් මගේ හිතේ තියෙන්නේ...මම ෆේස්බුක් එකේ කෙල්ලො එක්ක චැට් කලේ ගැමාව අමතක කරන්න ලේසි වෙන්න... ඒත් මට තේරුන දේනම් මට කෙල්ලො ගැන දැන් කිසිම ෆීලින්ග් එකක් නැහැ කියන එක... ඒ නිසාම මම ෆේක් අකවුන්ට් එකක් හදලා ගේ ගෲප් වලට ඇඩ් උනා... ඒකෙන් සෙට් උන කොල්ලෝ කීප දෙනෙක් එක්ක කතා කරාට මට හරියන එකෙක්වත් සෙට් උනේ නැහැ... එක අතකට තාම ගැමාගේ සිහියෙන් ඉන්න නිසා වෙන්න ඇති... මේ මාස ගානටම මම තාම අතේවත් ගහලා නැහැ... ඒත් ටික ටික ගැමාගෙන් ඈත් වෙද්දි මට ඒක ඕනි කියලා දැනුනා.... අන්තිමට මම චැට් කරපු මට හොදයි කියලා හිතුන කොල්ලෙක්ට කියලා උගේ ෆොටෝස් වගයක් ගෙන්නගත්තා... ඒත් ගහලා ඉවර උනාට පස්සේ මට මාවම එපා උනා... ඒ කොල්ලා තාම ඒ ලෙවල් කරන පොඩි කොල්ලෙක්... මම බූට් කෑවා කියලා සතෙක් වෙන්න ඕනි නැහැනේ... මම ඒ අකවුන්ට් එකම ඩිලීට් කරලා දැම්මේ ආපහු ඒ වගේ වැඩ කරන්නැහැ කියලා හිතාගෙන...

ඒ කාලෙදිම තමා මට අහු උනේ සහන් ගැමාගේ නංගි එක්ක චැට් කරපු එකක්... ගැමාගේ ගෙදර ගිහින් ආපු කාලේ ඉදන් මූ ඒකි එක්ක චැට් කරලා තියෙන්නේ... ගැමා මට කරපු දේ එක්ක සහන් නංගි එක්කත් ඔරොප්පු වෙලා... ඒත් මම සහන්ට කිව්වේ මගේ ජීවිතෙයි උගේ ජීවිතෙයි පටලගන්න එපා කියලා.. ගැමාගේ නංගි ගැමා නෙවෙයි... අන්තිමට කියලා කියලා මම උන් දෙන්නව ආපහු සෙට් කලා... මම නිසා සහන් දුක් විදින්න ඕනි නැහැනේ...

ගැමා ගැන කියනවනම් ඌ දැන් සම්පූර්ණ චාටර් චරිතයක්... ඌ දැන් බොන්නේ කැම්පස් එකේ උන් එක්ක විතරක් නෙවෙයි... පිට උන් එක්කත්... හැම වෙලේම රණ්ඩු වලට පැටලෙනවා බොන තැන් වල... ගමේ උන් එක්ක වලියක් ගිහින් සති දෙකක් සස්පෙන්ඩ් වෙලත් හිටියා... ඇකඩමික් ඔක්කොම හොදටම අනාගෙනලු ඉන්නේ... ශිශ්‍ය සංගමේ සභාපති කමෙනුත් ඌට අයින් වෙන්න උනා... සබ්ජෙක්ටුත් රිපීට් වෙලා.... ඌට මොනා වෙලාද කියන්න මට තේරෙන්නැහැ... සිකා අයියලා එක්කත් දැන් වැඩිය නැහැ... කොන්ඩෙයි රැව්ලයි වවලා කුඩු කාරයෙක් වගේ... සමහරවිට ගමේ සෙට් එක එක්ක කුඩුත් ගහනවා ඇති.. හිච්චි අක්ක එක්කනම් එකට එහෙට මෙහෙට යනවා මම කීප වතාවක්ම දැක්කා... ඒත් උන් දෙන්නා ලව් කරනවාද කියලනම් මට සැකයි..

මනූ... Where stories live. Discover now