7

2.4K 403 21
                                    

සිනිදුයි...."ඌ ශොට් එකක් ගන්න ගමන් මා දිහා බලන් කිව්වා...

"මොකක්..." මම එහෙම අහද්දී ඌ ග්ලාස් එක පැත්තකින් තියලා මගේ අතකින් අල්ල ගත්තා... ඒ අත අරගෙන මගේ අතේ පිට අල්ල උගේ මූන දිගේ අරන් ගියා....

"උබේ අත් සිනිදුයි බං.... මං ඒවා ඉඹින්නද... තෝ මට බනින්නැහැ නේද..."
ගැමාට හොදටම වෙරි ඌ සිහියෙන් නෙවෙයි ඉන්නේ... ඌ දැන් මගේ අත් මාරුවෙන් මාරුවට ඉබිනවා... බිව්වම කොල්ලො ඔය වගේ ඒවා කරනවා... මගේ යාලුවෝ ඕන තරම් බිව්වම මාව ඉබලා තියනවා... ඒව ඉතින් බිව්වම යාලුවෝ දෙන ගොං ආතල්නේ...

ඒ උනාට මේක වෙනස්... ගැමා මගේ අත් ඉබින්නේ වෙනම විදිහකට... ඌට හොදටම වෙරි... ඒත් මට වෙරි නැහැ... මගේ ඇගේ හැම සයිලෙකටම ඒක දැනෙනවා... මාව පිච්චෙනවා... හංගන්න හදපු හැගීම් වාන් දාන්න අරගෙන.... ඌ අත් ඉබින ගමන් මගේ ඇස් දෙක දිහායි තොල් දිහායි බලනවා.... ඌ එක අතක් මගේ කම්මුලකට තියලා මගේ මූන දිහාට උගේ මූන ලං කලා... ඌ කරන්න යන දේ මට තේරුනා... ඒත් මාත් මනුස්සයෙක් හැගීම් දැනීම් තියන... මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා...
මම මගේ අත් ඇදලා අරන් ඌව තල්ලු කරලා එතනින් පැනලා ආවා...

"මනූ.... යන්න එ..පා බං... සො..රි බං" ගැමා පැටලි පැටලි කියනවා කෑ ගහලා... මන් එතනින් ආවා...

මට තියන හැගීමමද ගැමාටත් තියෙන්නේ කියලා මම දන්නැහැ... ඒක එහෙමයි කියලා මට හිතන්නවත් ඕනි නැහැ... උදේට ඌට මේ කිසිම දෙයක් මතක නැති වෙයි... ඒත් මට එහෙම වෙන්නැහැ.. ආතල් එකේ හිටපු මගේ ජීවිතේ අපායක් වෙන්න යන්නේ කියලා විතරක් මට තේරුනා...

පහු වෙනිදා උදේ ඇහැරෙද්දී හැමෝම කලින් හිටිය විදිහමයි... මගේ ජීවිතේ විතරක් උඩු යටිකුරු වෙලා... ගැමා දිහා බලන්නවත් මට හිතෙන්නැහැ... ඌ නෝමල් විදිහට ඉන්නව..... මතක නැතුව ඇති ඌ මා එක්ක කරපු සෙල්ල්ම... මම විතරයි විදවන්න ඕනි...

උදේට කාලා අපි ආපහු එන්න පිටත් උනා... අපේ උන් පට්ට ආතල් එකේ කෑ ගහනවා හිනා වෙනවා... මට ඒ කිසි දේකින් වැඩක් නැහැ... මම දැන් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි... එක පාරට මාව හොල්ලනවා දැනුනා...

"මොන යකෙක් වැහිලද බං උබට... මේ ලෝකෙ නෙවෙයි තෝ ඉන්නේ පරයා... යකෝ තොගෙ ඇදුම් ටිකත් හදලා දුන්න... බෑග් එකවත් අරං පල..." සහන් මට බෑග් එක දික් කලා... මම ඒකත් අරන් වීල් එකට නැග්ගා..

මනූ... Where stories live. Discover now