ඊලග සතියේදී ගැමාලට සෙමෙස්ටර් බ්‍රේක් එකක් හම්බුනා සතියක... අපිටනම් හම්බුනේ නැහැ... ගැමා ඒ සතියේ ගෙදර ගියේ ගොඩ කාලෙකින් ගෙදර ආවේ නැහැ කියලා අම්මත් කතා කරලා බර බරේ දාපු නිසා.... අපේ සම්බන්දෙ නිසා අපි දෙන්නම ගෙවල් වලට යන එක වෙනදට වඩා ගොඩක් අඩු වෙලා තියෙන්නේ... මොකද ගොඩක් වෙලාවට අපි කැම්පස් එකෙන් පිට මීට් වෙන්න දාගන්නේ සති අන්තේ නිවාඩු වල නිසා....
ගැමා ගෙදර ගිහින් දවස් දෙකක් විතර යද්දී මට කතා කරන එක ගොඩක් අඩු කලා... කවදාවත් ඌ එහෙම කරලා නැහැ මීට කලින්... කැම්පස් එකෙදි උනත් ඌට මා එක්ක කතා නොකර හරි මැසේජ් නොකර හරි එක දිගට පැයක්වත් ඉන්න බැහැ.... ඌ කිව්වේ කාලෙකට පස්සේ උගේ ඉස්කෝලේ සෙට් එක එකට එකතු වෙලා නිසා වෙලාව යනවා දැනුනේ නැහැලු....
මට මාරම පාලුවක් දැනුනේ... එතකොට තමයි මට තේරුනේ මම ගැමට කොච්චරනම් ඇලිලද කියලා... හරියට ඌ මගේ ඇගේම කොටසක් වගේ... එහෙම ගොඩක් වෙලා කතා නොකර හිටියම මට දැනෙන්නේ මට හුස්ම ගන්න බැහැ වගේ... කම්මැලි කම නිසාම මම මැසෙන්ජර් එකේ මැසේජ් රික්වෙස්ට් බැලුවා... ඒකෙ එක එක කෙල්ලො හායී හූයි ගගා මැසේජ් කරලා තිබ්බා කීප දෙනෙක්.... මම මේ මැසේජ් රික්වෙස්ට් චෙක් කරන්නේ මාස ගානකට පස්සේ... ඒ අස්සේ එක මැසේජ් එකක්තිබ්බා කොල්ලෙක්ගෙන් ආපු...
නම අවිනාශ් බණ්ඩාර... ප්‍රෝෆයිල් එකට ගියාම... යුනිවර්සිටි ඔෆ් රුහුණ... කව්ද බොලේ මේ.... අර එදා ෆුට් බෝල් මැච් එකේදි ගේම ඉල්ලපු එකා නේද.... ඌ මේ මැසේජ් මුලින්ම දාලා තියෙන්නේ ඒ සීන් එක වෙලා සතියකට පස්සේ... මැසේජ් ටික තිබුනේ සතියෙන් සතිය වගේ දාලා...
*හායි... උන දේට සොරි..... මගේ රික්වෙස්ට් එක ඇක්ස්පෙක්ට් කරපං බං*
*අඩෝ බං මම සොරි කිව්වනේ රික්වෙස්ට් එක ඇක්ස්සෙප්ට් කරපංකෝ*
*උබ ඉන්නවද... ඇයි රිප්ලයි නැත්තේ*
*උබ මැසේජ් බලන්නැද්ද*
*හෙලෝ....*
*හායී*
*උබ මැසෙන්ජර් නැද්ද*
ඔය විදිහට සතියෙන් සතිය හෙන මැසේජ් ගොඩක්... ඒ කියන්නේ ඇත්තටම ඌට වෙච්ච දේට සමාව ගන්න ඕනි වෙලා... මම උගේ රික්වෙස්ට් එක ඇක්ස්සෙප්ට් කරලා ඌට මැසේජ් එකක් දැම්ම...
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...