පහුවෙනිදා මම නැගිටිද්දී හොදටම දවල් වෙලා... කාමරේ කවුරුත්ම හිටියෙ නැහැ... මම හිතුවේ හැමෝම ගිහින් කියලා... ඒ උනාට ටිකකින් සහන් කාමරේට ආවා... ආපු ගමන් මගේ නලලට අත තියලා බැලුවේ...
"තාම රස්නෙයි බං... මම කෑම එකක් ගෙනාවා... ඒක කාලා පැනඩෝල් දෙකක් බොමු... හවස් වෙද්දි අඩු නොවුනොත් බෙහෙත් ටිකක් ගන්න යමු බං... පලයං ගිහින් මූණ පොඩ්ඩක් හෝදන් වරෙන්..."
"මට කන්න ඕනි නැහැ බං... මට බඩගිනි නැහැ...."
"උබ උන දේ කියනකන් මම අහන්නැහැ මොකද උනේ කියලා.. හැබැයි පුතේ උබ ඔහොම නොකා නොබී ඉන්න ගියොත් මම උබේ නෙවෙයි අරූගේ අඩු දෙක කඩලා එන්නේ..."
"උබ ඒ කියන්නේ දන්නවද මමයි ගැමායි ගැන..."
"මම මුල ඉදලම දැනන් හිටියා බං... ඒක නොතේරෙන්න මගේ මොලේ කරවෙලා නැහැනේ.... අපි හැමෝටම ඒක තේරුනා බං.. ඒත් ඒක කොච්චර දුරදිග ගිය එකක්ද කියලා කියන්න අපි දැනන් හිටියේ නැහැ... අපි ඔක්කොම උබේ යාලුවෝ බං... උබ ඒක අපිට කියනකන් අපි හිටියේ ඒක අහලා උබව අපහසුතාවයට පත් කරන්න බැරි නිසා... ඒ මොන දේ උනත් ඊයේ ලොකූ දෙයක් වෙලා කියලා තේරෙනවා... උබේ ප්‍රශ්නේ මගෙත් එක්ක බෙදා ගනින් බං... උබට දුක බෙදාගන්න කෙනෙක් ඕනි මේ වෙලාවේ...."
සහන් ඒ ටික කියන් යද්දි ආපහු මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා... කවුද කියන්නේ පිරිමින්ට කදුලු නැහැ කියලා
"බං.... මට උබලට කියන්න ඕනි උනා... ඒත් මට ඒකට හිත හදාගන්න බැරි උනා... ඌ මාව අතඇරියා බං... ඌ මට මෙච්චර කල් කලේ බොරුවක්ලු... කියපං බං මම කොහොමද බං ඉවසන්නේ.... මම ඌට පට්ට ලව්... මට ඌ නැතුව බැහැ බං... ඌ මට බොරු කියන්නේ බං... ඌ මට ලව් කලේ ඇත්තටම... මට ඒක දැනුන.... මට තාම හිතා ගන්න බැහැ බං... මට මැරෙන්න හිතෙනවා බං දැන්.... ඌ නැතුව ඉන්නවට වඩා මැරෙන එක දැන් මට සැපයි..."
"එපා පොලා... අනේ එපා බං මැරෙන කතා කියන්න... මං ඒ වචනෙටත් බයයි... ඉවසපං බං... උබේ අම්මා තාත්තා ගැන හිතලා ඉවසපං... මම ඉන්නවා උබට... අපි හැමෝම ඉන්නවා... සමහරවිට ගැමා ආපහු උබ ගාවට එයි... ඒ නැතත් උබට ඇත්තටම ආදරය කරන කෙනෙක් මේ ලෝකේ කොහේම හරි ඉන්නවා... ඒ කෙනා වෙනුවෙන් උබ හිත හදා ගනින්..."
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...