21

2.1K 315 12
                                    

දෙවනි සෙමෙස්ටර් එකත් ඉවර වෙලා ගියේ දන්නේම නැතුව... වෙනදා වගේම ගැමාට ෆස්ට් ක්ලාස් එකක් තිබ්බා වගේම මට ආවේ සෙකන්ඩ් අපර් එකක්... කොහොමෙන් හරි මගේ ඔලුවෙ තිබුන බැජ් රෙප් පට්ටම යන්නත්ම් ගැලවුනා... ඒ උනාට ගැමා අලුත් ශිෂ්‍ය සංගම් සභාපති උනේ චේතිය උප සභාපති වෙනකොට... ඒ වැඩත් එක්ක අයියා වෙනදට වඩා ගොඩක් බිසී උනා... කොච්චර බිසී උනත් අපේ ආදරේ හරිම ලස්සනට ගලාගෙන ගියා.. හොදම දේ කියන්නේ අපේ සම්බන්දේ ගැන කැම්පස් එකේ කාටවත්ම සැකයක් තිබුනේ නැති එක.... ඒ මොකද අපි මීට් වෙන හැම දේම කලේ කැම්පස් එකෙන් පිට... මසෙකට දෙතුන් වතාවක් අපි අපේම ලෝකේ ටිකකට තනි වෙන්න රූම්ස් වලටත් ගියා... එකින් එකට කියන්න තරම් විශේෂ දේවල් උනේ නැහැ ඒ කාලේ ඇතුලත...

මේ විදිහට දවස් ගෙවිලා ෆැකල්ටි මීට් කාලෙට ආවා... කොහොම හරි අපිට ෆ්‍යිනල් මැච් එක තිබ්බේ මැනේජ්මන්ට් එකත් එක්ක.... මැනේජ්මන්ට් එකේ ඉන්නේ නහර කාරයෝ... එකෙක් හිතලම මට කකුල් වෙට්ටුවක් දැම්මේ මැච් එක මැද්දිමයි... වැටිච්ච පාර මගේ කකුල උලුක් උනේ ආපහු සෙල්ලම් කරන්න බැරි වෙන්න... මාස ගානක් ප්‍රැක්ටිස් වෙලා මැච් එකක් කරද්දි එහෙම බලු වැඩක් උනාම යකා නගින තරම උබලට හිතාගන්න පුලුවන්නේ... මැච් එක ඉවර වෙලා වෙට්ටුව දාපු එකා හොයාගෙන මම ගියේ සහන් එපා කිය කියා මගේ පස්සෙන් එද්දි.... වෙට්ටුව දාපු එකා ඉන්නවා උගේ සෙට් එකත් එක්ක හිනා වෙවී.... මම කකුලත් අමරුවෙන් අල්ලගෙන ඌ ගාවට ගියා...

"ප්ලේයස්ලා ග්‍රවුන්ඩ් එකෙන් යවලත් උබලට දිනන්න බැරි උනා නේද.... උබල දිනන්න ඕන කැරි වැඩක් කරනවා නේද.."

"කවුද යකෝ කැරි වැඩ කලේ.... උබනේ ඇවිත් මගේ ඇගේ හැප්පුනේ...."

"මම පැත්තක ඉද්දි තෝනේ ඇවිල්ලා කකුල් වෙට්ටුව දැම්මේ... පොන්න වැඩ කරන්න එපා යකෝ..."

"කවුද අඩෝ පොන්නයා...." එහෙම කියාගෙන ඌ ආවේ මට ගහන්න... මට වඩා දෙකක් විතර ඇති... ඌ ගැහුවොත් ගහන්න බැරි කමක් නැහැ... හැබැයි කකුල එක්ක දැන් අමාරුයි... හැබැයි මම වැඩේ අත ඇරියේ නැහැ.. මම ඉස්සර වුනේ ඌට ගහන්න... හැබැයි ඊට කලින් අතක් ඇවිත් උගේ මූණටම මිට මොලවලා වැදුනේ උගේ නහයෙන් ලේ පනින්න... වෙන කවුරුත් නෙවෙයි ඒ ගැමා...

මනූ... Where stories live. Discover now