13

2.4K 356 32
                                    

ගැමානම් හැම වෙලේම කිව්වේ හිච්චි අක්කා තරම් හොද කෙල්ලෙක් මේ ලංකාවෙම නැති විදිහට.. අනේ මන්දා ඒ හින්දද කියල මට ඒකිව පේන්න බැහැ.. ඒත් මම ඒක කවදාවත් පෙන්නලා නැහැ.. කලින් සෙමෙස්ටර් එක ගොඩ දා ගන්න ඒකිත් මට සෑහෙන උදවු කලා තමයි.. ඒක වෙනම කතාවක්...

ගැමා මට කැමතී කියලා දන්න එකම කෙනා හිච්චි අක්කලු.. ගැමාට ඒ තරමටම ඒකිව විශ්වාසයි.. ඒ උනාට මට හැම වෙලේම දැනෙන්නේ ඒකි මගෙන් ගැමාව ගලවගන්න හදනවා වගේ හැගීමක්... සමහරවිට ඒකි ගැමාගේ හොදම යාලුවා නිසා වෙන්න ඇති... ඕන කෙනෙක්ට තේරෙනවනෙ ගැමා පනින්න හදන්නේ ගින්දරකට කියලා.. එක අතකට ඒකි සාදාරනයි.. මම ඒකිගෙ තැන හිටියනම් මාත් ඒකම කරයි...

දවල් 11ට විටර අති හිච්චි එද්දි... ඒකිගේ ඇත්ත නම සමාදි... එයත් නුවර තමා... පවුල් දෙකම හොදම හිතවත්තුලු ඉස්සර ඉදලම... ඒකි ආවත් හරි මම පොඩ්ඩක් කතා කරලා ආවේ කුස්සිය පැත්තට ආන්ටි එක්ක කතා කර කර ඉන්න.. මට ඒකි නැලවෙන නැලවිල්ල බලන් ඉන්න හිතෙන්නැහැ... ඒකි හිතලමයි එහෙම කරන්නේ කියලා මට නිකමට වගේ හිතෙනවා..

"මනූජ පුතා මොකද මේ පැත්තේ... සමාදි එක්ක කතා කරන් නැද්ද..."

"මං ආවා ආන්‍ටි ඒ දෙන්නට කතා කරන්න දීලා..."

"මේ පුතා ඔයා මද්දූගේ හොදම යාලුවා නිසා අහන්නේ...මද්දූගෙයි සමාදිගෙයි මොකක් හරි තියනවද"

"මම දන්න විදිහටනම් නැහැ ආන්ටි.."

"ඒ දෙන්නා ඒ කාලේ ඉදලාම යාලුවෝ.. අපේ පවුල් දෙකම බලන් ඉන්නේ මේ දෙන්නා කවදා හරි යාලු වෙයි කියලා.. අපේ මද්දූට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කිසිම උවමනාවක් නැහැ පුතේ... මට බය මේකා නොබැද ඉදී කියලා... අනේ මනූජ පුතේ... මට මේක ලොකූ උදව්වක්... අපේ මද්දූගේ ඔලුවට පොඩ්ඩක් සමාදි දුව ගැන දාන්නකෝ.. මොකද මම කැමති නැහැ මේ කසාදේ බලෙන්ම කෙරෙනවට"

"ඒ කිව්වේ ආන්ටි... ආන්ටිලා හදන්නෙ ඒ දෙන්නව බන්දන්නද..."

"දැන්ම නෙවෙයි පුතේ... ඒ දෙන්නා ඉගෙන්ගෙන ඉවර උනාම.. අපේ හිතේ තියෙන්නෙනම් ඒ දෙන්නව බන්දන්න... මද්දූට මේ වගක් කියන්න එපා... මොකද ගමේ උනුත් හිතන් ඉන්නේ මේ දෙන්නගේ සම්බන්දයක් තියන්වා කියලනෙ.. අනික ඔය කෙල්ල මට මගේම දරුවෙක් වගේ.. පිට එකියක් මේ ගෙදරට ගේනවට වඩා ඒ කෙල්ල මේ ගෙදරට ආවොත් හැම දේටම ලේසිනේ පුතේ..."

මනූ... Where stories live. Discover now