9

2.4K 381 63
                                    

පහු වෙනිදා අපි උදේම ෆැකල්ටියේ ගල් බැම්ම ගාව කෙල්ලෝ ටිකක් එක්ක කතා කර කර හිටියේ... ගැමාගේ සෙට් එකත් එතනට ආවා... ආපු ගමන් ගැමා මගේ කරට අත දා ගත්තා... මේ යකා ඉතිං දැං මාව මරාගෙන කයි හැමදාම ඌට කැමතී කියනකන්...

"ආ... ඉතිං පොලා... මොකෝ වෙන්නේ.. තව කෙල්ලෙක් දා ගන්නද කෙල්ලො ටික වට කරන් ඉන්නේ..."

"අම්මෝ ඔව් බං... ඊට පස්සේ ෆිල්ම් බලන්න යන්න පුලුවන්නෙ..." සිකා ඉතිං ආයෙත් ඊයේ වෙච්ච එක මතක් කරනවා...

ඒ අස්සේ ගැමා මගේ අත හිමීට කොනිත්තනවා... මට රිදෙනවත් එක්ක...

"පල පල සිකා අයියේ උබලා මේ ඒකම අල්ලන් දගල්ලන්නේ.. ඇයි උබ ගිහින්ම නැතුව අති එතකොට..."

"අම්මෝ අපේ රෙපාට තරහ ගිහින් නෙහ්... ආහ් මේ ඒක නෙවෙයි කොල්ලෝ... ඕන්න උබලටත් හොස්ටල් සෙට් වෙන්නලු යන්නේ... අපිට ඊයේ රෑ නිවුස් එක හම්බුනේ..."

"අඩෝ සිරාවටමද.... එලනේ.."

"එල තමා... රෙද්ද... හොස්ටල් රැග් කන්න බලන් වරෙං... අපිට ඕවට මැදිහත් වෙන්න බැහැ... තර්ඩ් ඉයර්ස්ලා ෆෝත් ඉයස්ලා තමා ඕක කරන්නේ.. අමු කට්ටක් හොදේ... ලෑස්ති වෙලා වරෙං...

ඕවා කතාවෙන වෙලාවෙම ගැමා මගේ කරට අත දාගෙන ඇගට තද වෙලා.. මේ හු..තා මාව අවුස්සලා ගන්නමයි හදන්නේ... යනකොටත් මගේ පස්සට එකක් ගහගෙන ගියේ...

ලෙක්චර් එකට ගියාට කවීශා ඊයේ උන දෙයත් එක්ක වෙන තැනක වාඩි වෙලා.... ඒකි එහෙම ඉන්නව දැක්කම මට දුක හිතුනා... හැමදාම මගේ එහා පැත්තේ වාඩි උනේ... සින්නොන්ට අහු උන එකට වඩා ඒකිට මම හෝල් එකේදි මුකුත් නොකරපු එකට අවුල් ගිහින් වගේ... ඊයෙ රෑත් මැසේජ් ගොඩක් දාලා තිබ්බා මට ඒකිව මදිද... ඒකිට ආස හිතෙන්නැද්ද... එකිට ආදරේ නැද්ද ගගා හෙන දිග මැසේජ්... ඊයේ මම හිටිය මූඩ් එකත් එක්ක මන් ඒකිගෙ එක මැසේජ් එකටවත් රිප්ලයි කලේ නැහැ.. දැන් ඉතිං කොහොම හරි ඒකිවත් ශේප් කරගන්න ඕනි... ඒ කෙල්ලවත් මගේ පව් වලට ඇදලා ගත්තේ මමමයි.. ඒකිට මම අසාදරනයක් කරනනැහැ කොහොමටත්...

ගැමා ඉතිං දවස්ම මම දකින දකින් තැන මට ඇස් ගහනවා... කටින් කිස් කරනවා වගේ පෙන්නනවා.. අතින් හාට් හදලා පෙන්නනවා... ඌට ගානක්වත් නැහැ කවුරු කරි දකී කියලා... මට හිත යටින් මාරම සතුටුයි... ඒත් පෙන්නන්න බැහැ.. මම ඌ දකින දකින තැන මග ඇර ඇර ගියේ...

මනූ... Where stories live. Discover now