4

2.5K 371 28
                                    

කවීශාව දා ගන්න වැඩේ මම ගේමක් නැතුවම කරගත්තා... fb එකේ චැට් කරන ගමන් මම එකිගෙන් ඇහුවේ... ඒකි අහපු ගමන් හා කිව්වා... ඒකි මම හිතුවට වඩා අහින්සකයි... මාරම ඕපන්.. මට කලින් එෆෙයාර් එක ගැන ඔක්කොම කිව්වා.. ඒකි මර විදිකට ඒක නිසා විදවලා තියෙන්නෙ... ඒ කොල්ලා මම වගේමලු... ඒකලු මට දැකපු ගමන් කැමති උනේ...හැබැයි මල් බකට් එක දෙනකන් කපල් වලට ප්‍රසිද්දියේ යන්න බැහැ.... මාර නීති තමා මේවා...

සහන්ගේ හිතේ වැඩි කැමැත්තක් නැහැ මම කාවීශා එක්ක සෙට් වෙච්චි එකට... ඌ කියන්නේ මම සෙට් වෙන්න කලින් ටිකක් ඒකි ගැන හරියට දැනගෙන ඉන්නලු... කවීශා කතා කරන වෙලාවට උගේ මූන ඇද වෙනවා... මට තනියම කවීශා එක්ක තාම කතා කරන්න බැරි උනා... ඌ මගේ පස්සෙන්මයි... මට දැන් මේක වදයක් වෙලා... ඌ කියන්නෙම මම කවීශාට බොක්කෙන් නෙවෙයිලු කරන්නේ... සමහරවිට ඌත් කවීශාට ලයින් ඇති... ඒකයි ඔච්චර ඌට රිදෙන්නේ... හැබැයි මටත් වෙලාවකට හිතුනා මම මේක කලේ වෙන දේකින් පැනලා යන්නද කියලා...

රැග් සීසන් එක ඉවර උනේ බකට් එකත් එක්ක... මම බැජ් රෙප් උනා... සින්නෝ කිව්වේ බැජ් රෙප් කියන එකා එක ලෙකෙක්ටවත් නැමෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනි නිසාලු මාව සිලෙක්ට් කලේ.. මම රැග් සීසන් එකේ එකෙකුටවත් නැමුනේ නැහැ... උන්ට ඕනි ඒ වගේ එකෙක්ලු... ෆස්ට් ඉයර් එකේ බැජ් රෙප් වෙන එක මාරම කට්ටක්... මුලු බැජ් එකම ඇදන් යන්න ඕනි මම... අනේ මන්දා ඇදලා දාගත්තද කියලත් හිතෙනවා දැන්... බැදගත්ත බෙරේ ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ දැන්

මිඩ් සෙමෙස්ටර් එක්සෑම් එක සහන්ගේ පිහිටෙන් යන්තන් ගොඩ දා ගත්තා.... වෙලාවකට මට දැනෙන්නේ ඌ මගේම අයියා කෙනෙක් වගේ.. හැම වෙලේම මන් වැරදි පැත්තකට යන්න හදද්දී ඇදලා ගන්න ඌට ඕනි උනා... ඒත් හැම වෙලේම මට දැනුනා ඌ මගෙන් දෙයක් හංගනවා කියලා... සෙට් එකේ අනිත් අයට වඩා මට සහන්ව දැනෙන්නේ වෙනස් විදිහකට... ඒක මොකද්ද කියන්න මම දන්නේ නැහැ...

රැග් සීසන් එක ඉවර නිසා සින්නෝ උන්ගේ පුරුදු ඇදුම් වලට බැහැලා ආපහු රැවුල් වවලා... උන් දැන් අපේ උන් එක්ක ටිකක් ෆිට්... අපි තාම ගොන්නු වගේ ෆුල් කිට ගහලා කොන්ඩ රැවුල් කපලා... ගිනිමැලෙන් පස්සෙලු අපිට නෝමල් ඇදුම් අදින්න පුලුවන්... ඊට කලින් සීනියර් ජූනියර් මීට් එක... ඒකත් කොහොම හරි ගොඩ දාන්න ඕනී

මනූ... Where stories live. Discover now