18

2.3K 325 24
                                    

"මේ ගැමා අයියට එන්න කියන්නකො..."

"ඌ දැන් හොදට නිදි ඇති අද ලෙක්චසුත් නැහැනේ අද.. දැන් එන එකක් නැහැ..."

"ගෙන්නන විදිහ මම දන්නවා... ඉන්නකෝ...." එහෙම කියලා කවීශා ෆෝන් එක අතට ගත්තා...

*හෙලෝ.... ගැමා අයියා නේද... ආ අයියේ... අනේ පොඩි කරදරයක් උනානෙ... මනූජට.... අනේ එන්න පුලුවන්ද වැව ලග බෙන්ච් තියන තැනට...*
එහෙම කියලා මේකි ෆෝන් එක කට් කලා...

"මොකද්ද කවී ඒ කරපු වැඩේ... දැන් අරූ එයි මෙතනට පිඹගෙන..."

"ඒක තමා මම එහෙම කිව්වේ... බලමුකෝ අදරවන්තයා කොච්චර ඉක්මනට එයිද කියලා..."

කියලා විනාඩි 10ක් ගියේ නැහැ.. ගැමා බයික් එකෙන් ආවේ පිස්සෙක් වගේ... නිදාගෙන ඉදලා ඇහැරලා කියලා මූණෙන්ම පේනවා... බැස්ස ගමන් ඌ ආවේ මා ගාවට... කවීශා ඉන්නවා කියලා ගානකුත් නැහැ..

"මොකද උනේ පොලා... සවලි නංගි කෝල් කරපු ගමන් ආවේ...මොකද්ද නංගි උනේ.."

"උනේද අයියේ... මේ මනූජගේ චූටි ඇගිල්ල චූට්ටන් ගලක වැදුනනේ... චුට්ටක් රිදිලා.."

ගැමා උඩ බීම බලනවා.. ඒ මොකද්ද කියලා... අපි දෙන්නා බඩ අල්ලන් හිනා උනේ... ගැමා ෆුල් කන්ෆියුස්...

"හරී.... ඔයාව ගෙන්න ගන්න එහෙම කිව්වේ..." කවීශා හිනාව නවත්තගෙන අමාරුවෙන් කියලා දැම්මා...

"මොන හු..තක්ද... තොපිලා දෙන්නා ලව් කරන ගමන් පැත්තක ඉන්න මාව බයිට් එකටත් ගත්තද... මම බය උනා යකෝ.."

"මාව ඕවට අල්ල ගන්න එපා... මම අහිංසකයි... කවීගෙන්ම අහගන්න..."

"ඉතිං ඔයා ඔච්චරටම බය උනේ මොකද අයියේ... මනූජට එච්චරටම ආදරෙයිද..." කවීශා එහෙම අහනකොට ගැමාගේ ඇස් උඩ ගියා... ඌ එක පාරටම මා දිහා බැලුවේ මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව...

කවීශා බෙන්ච් එකෙන් නැගිටලා ගැමා අයියව මගේ එහා පැත්තට තල්ලු කලා...

"මොකද්ද බං මෙතන වෙන්නේ..." ගැමා ඇහුවේ මගේ දිහා හැරිලා...

"මෙතන වෙන්නේ මේකයි අයියේ... මගේ සදාදරණීය ප්‍රේමවන්තයාව ඔෆිශියලි මගෙන් රිසයින් කරලා සින්නක්කර අයිතිය අයියට දෙන්න හදන්නේ...." එහෙම කියලා එයාම මගේ අත අරන් ගැමාගේ අත උඩින් තිබ්බා...යකෝ මම මෙච්චර කල් මේකි එක්ක හිටියට මේකිගේ මේ කියුට් සයිඩ් එක මම දැක්කේ නැහැනේ...

මනූ... Where stories live. Discover now