11

2.3K 379 35
                                    

ගැමා නුවර කියලා විතරයි මම දැනං හිටියේ.. ඌට තව අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා... අයියා දැන් බැදලා කැනඩාවෙලු ඉන්නේ... තාත්තලා කරන්නෙ බිස්නස් කියලා තමා මම දැනං හිටියේ.. ඊට වඩා දෙයක් මට ගැමා කියලා තිබ්බෙත් නැහැ

ඒකටත් හරියන්න යන මග දිගට උගේ තාත්තගේ පරම්පරාව ගැනම අහගත්තා... පුදුම වංශෙ කබල් ගෑමක් ඒක... මම හැම එකකටම හා හූ ගගා හිටියා.. ගැමා එහා පැත්තේ ඉදන් හිනා වෙනවා... මාත් ඉදලා ඉදලා මහා කුනු ගොඩකට තමා අන්තිමේ අහු උනේ...

උන්ගේ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දැම්මා... ගෙදරට යන පාර දෙපැත්තෙත් පොල් ගස් පේලියට... ගේ තිබුනේ ඇතුලට වෙන්න.. ගේ දැක්කම මට හුස්ම ගන්නත් අමතක උනා.. ඒක වලව්වක් නෙවෙයි වලව් රාජයෙක්... හොල්මනුත් ඉන්නවද දන්නැහැ.. මට එක පාරටම මතක් උනේ ඒක... ඉදලා ඉදලා ලේසි අත්තක් නෙවෙයි මාත් අල්ලන්න යන්නේ... යකෝ මුං වලව්කාර සල්ලිකාරයෝනේ... මූ මට මේ වගක් නිකමටවත් කිව්වේ නැහැ.. මූ ඉන්න විදිහෙන් එහෙම හිතන්නවත් බැහැ... මම මොකෙද්ද නිකන්ම නිකන් සාමාන්‍ය පවුලක කොල්ලෙක්... මගේ හිත ආයෙත් කඩන් වැටුනා.. අපි දෙන්නා කවදාවත් ගලපන්න බැරි දෙන්නෙක්...

"අනේ මගේ පොඩි එකා... බලන්න කරගන්න දේවල්..." සාරියක් ඇදගත්ත ලස්සන ගෑනු කෙනෙක් ඇවිත් ගැමාව බදා ගත්තා.. මං හිතන්නේ අම්මා වෙන්න ඕනි.. වැඩි වයසකුත් නැද්ද මන්දා... අපරාදෙ මම ආවෙ... අම්මා හොද පාටයි එයා මූව බලා ගනී...

"හරි අම්මා පැටියෝ... මට ලොකු අමාරුවක් නැහැනේ.." අපෝ මුගේ නාකි හුරතල් බලන්න එපෑ අම්මා ගාවදි...

"අනේ මේ කවුද මේ ලස්සන කොලු පැටියා..." ගැමාගේ අම්මා ඇහුවේ මගේ දිහාවට හැරෙන ගමන්...

"මේ මගේ හොදම යාලුවා අම්මේ.. මනූජ.." පුහ් හොදම යාලුවා... අම්මා දන්නවනම් මූ මගේ පස්සෙන් ආදරේ ඉල්ලන් ආපු විදිහ.. මට පුකෙනුත් හිනා...

"පුතා ටික දවසක් ඉන්නවා නේද.."

"ඔව්.. අම්මේ මම මෙයාට සනීප වෙනකන් ඉන්නවා..." මට ඉබේටම අම්මා කියලා කියවුනේ.. ගැමාගේ ඇස් දිලිසෙනවා ඒක ඇහිලා...

"අනේ හරිම සීදේවී... හරී.. යන්නකෝ දෙන්නා වොශ් එකක් දා ගන්න... පියල්.. පොඩි මහත්තයාව කමරේට එක්ක ගිහිලා මේ මහත්තයටත් ඒ ලග කාමරේ හදලා දෙන්න..."

මනූ... Where stories live. Discover now