19

2.3K 324 20
                                    

පහුවෙනිදා මම බෑග් එකත් අරන් හෝල්ට් එකට ආවේ මාතරට යන්න බස් එක අල්ලගන්න.. කාලෙකට පස්සෙ මම ගෙදර යන්නෙ... පොඩි අක්කටත් මේ දවස් වල වැකේශන්... ලොකූටනම් දැන් ට්‍රේනින්ග් නිසා එන්න විදිහක් නැහැලු... මාතරට යනකන් ගැමායි මායි එකට යන්න කතා වෙලා හොස්ටල් එකෙන් ආවේ... ඒත් එක පාරටම ගැමා ඇවිත් උගේ බයික් එක හෝල්ට් එක ඉස්සරහින් නැවැත්තුවා...

"උබ යන්නෙ නැද්ද..."

"යන්න තමයි ආවේ... පේන්නැද්ද බෑග් එක..."

"පිස්සුද තොට... වහාම බයික් එක ගෙනින් දාපන් හොස්ටල් එකට... නුවරට යනකන් උබට ඕක පදින්න මම කීයටවත් ඉඩ දෙන්නැහැ..."

"කවුද නුවර යන්නේ... මම යන්නේ රත්නපුරේ..."

"රත්නපුරේ... එහේ උබේ කවුරුත් නැහැ කිව්වනේ..."

"ඇයි එහෙ ඉන්නවා මගේ නැන්දම්මයි මාමන්ඩියී..."

"මොකක්.... උබ සීරියස්ද..."

"ඔව්... මම අද යන්නේ මගේ මිනිහාගේ ගෙදර... උබත් යනවනම් නැගපන්..."

"උබනම් පිස්සු හු..තෙක් බං.. ඔහොමත් සප්‍රයිස් කරනවද...." මම ඇහුවේ බයික් එකට නගින ගමන්... මගදි තැඹිලි ගෙඩියක් බොන්න නවත්තපු වෙලේ මම අම්මට කෝල් කරලා කිව්වා යාලුවෙක් එක්ක එන්නේ හොදට උයලා තියන්න කියලා... අම්මා මම නැති දවසට කාමරේනම් අස් කරලා තියන නිසා ඒක අවුලක් නැහැ...

යන අතරමගදි දිගටම මම ගැමාගේ ඇග වටේ අත දාගෙන උගේ උරහිසට ඔලුව තියන් කතා කර කර ගියේ... ඒක වෙනම ෆීලින්ග් එක්ක්... ලෝකේ තියන හොදම කාර් එකේ ගියත් ගන්න බැරි ෆීලින්ග් එකක්... ට්‍රැෆික් වලදි ලග පාත වාහන වල උන් අපි දිහා අමුතුවට බැලුවට මම ඉන්න විදිහ වෙනස් කලේ නැහැ... ගැමාගේ සුවද අස්සේ ගුලි වෙලා ඉන්න තියන එක තප්පරයක්වත් මම අපතේ දාන්නේ නැහැ...

අපි ගෙදරට යද්දී දවල් කෑම ලන් වෙලා... අද ඉරිදා දවසක් නිසා තත්තයි අම්මයි දෙන්නමත් ගෙදර ඉන්නේ... මට අමතක උනානේ කලින් කියන්න මට ඉන්නවා හුරතල්ම හුරතල් බල්ලෙක්... බල්ලෙක් කිව්වට බලු කෙල්ලෙක්... මගේ පණ තමයි ඉතින්... කවදා කීයට කොහොම ගෙදර ගියත් මගේ ශීනා එනවා මාව පිලිගන්න...

මනූ... Tempat cerita menjadi hidup. Temukan sekarang