10

2.5K 379 41
                                    

"මොකද්ද බං උනේ... උබෙන් ලේ එනවා.. අපේ කොල්ලො ටික කෝ.." මම හැදුවේ ඒ පැත්තට දුවන්න.. සහනයයි ප්‍රභූයි මාව අල්ල ගත්තා...

"එපා බං ඒ පැත්තට යන්න එපා.. හොදටම ගහනවා උන් හිතක් පපුවක් නැතුව..." සහනයා කිව්වා

එතකොට මගේ ගැමා... එයත් එතන.. මට මෙතනට වෙලා ඉන්න බැහැ...

"මට යන්න දියං බං.. මගේ උන් ටික එතන..."
මම යන්න දගලද්දී ප්‍රභූ මාව තද කරලා අල්ල ගත්තේ මට යන්න බැරි වෙන්න..

"මේ අහපන්.. එතනට යන්න බැහැ... උබ කලබල වෙන්න එපා... මං කියන දේ හොදට අහ ගනින්..." ප්‍රභූ මොකද්ද කියන්න යන්නේ.. මගේ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා

"මචං... ගැමා අයියා හොස්පිටල් අරං ගියා...." මගේ කකුල් දෙකේ ඉදන් පන නැති උණා.

"මොකද්ද උනේ කියපන්..." මං ප්‍රභූගේ කොලර් එකෙන් අදින ගමන් ඇහුවා..

"දන්නැහැ බං... පොලීසියේ උන් ඌට අල්ලගෙන ගැහුවා... ඇම්බියුලන්ස් එකෙන් ඌව දාන් ගියා.. උබ දැන් කලබල වෙන්න එපා... අපේ කොල්ලෝ කෙල්ලො ටික චේතියයි සහනුයි බලයි... යං මම උබත් එක්ක හොස්පිටල් එකට එන්නම්..." ඒ ටික කියලා ඉවර වෙද්දී මම ඉන්න තැනම ඉන්දුනා...

අනේ මගේ ගැමා... එයාට කරදරයක් නම් වෙන්න එපා... මගේ ඇස් වලින් කදුලු කඩන් වැටුනා... මට ඉන්නේ කොතනද කා එක්කද ඉන්නේ කියලා පෙනුනෙවත් නැහැ... සිමෙන්ති බදාම දාල හංගන්න හැදුවට ඒ ඉන්නේ මං හදවතින්ම ආදරේ කරන මගේ පණ

ප්‍රභූ එක්ක වීල් එකක් අරන් මම ආවේ ජෙනරල් හොස්පිටල් එකට... නර්ස්ලගෙනුයි රිශෙප්ශන් එකෙනුයි අහගෙන අපි ආවා ගැමා ඉන්න වෝඩ් එකට... එයාට අවුලක් නැහැලු... ඒක කිව්වම තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ... පොඩි ඔපරේෂන් එකකට එයාව තියේටර් එකට අරං ගිහිං... ඒක බය වෙන්න දෙයක් නැති සරල එකක්ලු කැඩුනු අත හදන්න... අතකුයි කකුලකුයි ඩැමේජ් වෙලා නිසා හෙට අනිද්දට ටිකට් කැපුවත් සති දෙකක් විතර ගෙදර ඉන්න වෙයි කියලා නර්ස් කිව්වේ... ඔපරේශන් එක ඉවර වෙලා එයාව ගේනකන් අපි පුටු වලට ගිහින් වාඩි උනා...

මට දැන් ප්‍රභූට මුහුන දෙන්නත් ලැජ්ජයි.. හිතේ තිබ්බ බයට මම හැසිරුනේ පිස්සෙක් වගේ.. ඌට වැඩේ මීටර් වෙලා තිබ්බොත් මොකද කරන්නේ...

මනූ... Donde viven las historias. Descúbrelo ahora