ලෙක් එක පැය දෙකක් වගේ තිබ්බා... මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.. තේරෙන්න අහන් ඉන්න එපයි ඉතිං..
"බං දැන් ඉන්ටර්වල් පැය.. කන්න නම් හිතන්නවත් වෙන්නැහැ... කොමන් එක පැයම තියෙන්නෙ... යමං.. කෙල්ලයි කොල්ලයි පේලියට කොමන් එකට යන්න ඕනි..." ලෙක් එක ඉවර උන ගමන් සහන් මට තට්ටුවක් දාලා කිව්වා...
හෝල් එකේ ඉන්න උන් ඔක්කොගෙම මූනු අද වෙලා... යකෝ නිකන් කොමන් එකේදි මුන්ට අතවර කරනවා වගේ... අඩෝ... ඇත්තටම අතවර කරනවද දන්නැහැ හැබැයි... ගිහින්ම බලාගමුකෝ... මන් කොල්ලොන්ගේ පෝලිමට එකතු උනා ප්‍රභූට පිටිපස්සෙන්... එතකොටම මම කලින් cute කියලා හිතපු කෙල්ල දුවගෙන ඇවිත් මගේ එහ පැත්තේ කෙල්ලොන්ගෙ පෝලිමට එකතු උනා...
"හායී..." මේකි මට නේද හායි කිව්වේ
"හායි..." මම මේකිව ගොඩ දාගන්නවා...
"මම කවීශා... ඔයා බෝට්ටුවෙන්ද ආවේ... කලින් දැක්කේ නැහැ ඒකයි..."
"මම මනූජ.. ඔව් මම අද ආවේ..."
"ආහ් ඒක තමයි... මම දෙහිවල, ඔයා කොහෙද මනූජ..." ඒක තමා මේකී පොශ් විදිහට ඉන්නේ...
"මම රත්නපුරේ... ඔයාගේ ඉස්කෝලේ මොකද්ද කවීශා..."
"මම දේවි එකේ... ඔයා *** ද... *****ද..."
"මම ***... ඔයා කොහොමද හරියටම ඇහුවෙ.."
"ආහ්... ඒකද... අපේ ලොකු අම්මා රත්නපුරේ ඉන්නේ... එයාගෙ පුතාලා දෙන්නා ඔය ස්කූල් දෙකට යන්නේ.. මන් හිතුවා මනූජත් ඒ දෙකෙන් එකක කියලා..."
මම හිනා වුනා... මේකී කියව කියව ඉන්නනම් මරු බඩුව... ඒකිගේ කදත් මරු හැබැයි.. ඇග කෙට්ටු උනාට ගෙඩි දෙක තියනවා දිලිසි දිලිසි... මොකෙක් හරි හොදට හදලා අරන් තියනවා...
මන් හිතන්නේ කොමන් එකට වෙන්න ඕනි කට්ටිය අර දොරෙන් යන්නේ.. ටිකක් පරන ගොඩනැගිල්ලක්... ඒක වටේටම සින්නෝ... හෝල් එකට ගිහින් කට්ටියම ගිය පිලිවෙලට පේලි 10කට විතර හැදුනා... අපේ ඔක්කොම උන් බිම බලාගෙන... අපිට ඉස්සරහින් සින්නෝ පේලියට හිට ගත්තා...
එතනට ගැමායි තව එකෙකුයි ආවා.. ගැමා ආපු ගමන් අපි හැමෝම දිහා යකෙක් වගේ බලාගෙන ගියා... උගේ මූන තරහට රතු වෙලා... යකෝ මූට මොන හෙනයක් ගහලදා.... එක පාරටම උගේ ගැබුරු හඩින් කෑ ගහන්න ගත්තා..
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...