26

1.9K 307 21
                                    

"යන්න..... මෙච්චර වියදම් කලේ රූම් එක බලලා යන්නද.... ගානනම් මට නතිං... ඒත් මම කවදාවත් මෙහෙම ඇවිත් ගහන්නැතුව ගිහින් නැහැ... අනික... උබේ එක හදලා තියෙන්නේ රත්තරං වලින්ද.... අරූ ගැහුවට වඩා හොදට ගහන්නම් මම...." එහෙම කිය කියා ඌ ආවේ මගේ පැත්තට...

"ඒ කියන්නේ උබ හැමදේම දන්නවා... උබ මහ බල්ලෙක් යකෝ..."

"ඔව් මම බල්ලෙක් තමයි... උබ මොකද්ද හිතන් හිටියේ... උබට අරින්නැතුව අද මම මේ කාමරෙන් එක අඩියක් එලියට තියන්නැහැ.... මට දෙයක් ඕනි කියලා හිතුනොත් ඒක මම හොදින් නැත්නම් නරකින් හරි ගන්න හැටි දන්නවා.... උබව මම මුලින් දැක්කේ හික්කඩුව බීච් එකේදි... එදා තමයි මට උබට අරින්න හිතුන පලවෙනි දවස... උබ නැවිලා ඉද්දි උබේ පලු දෙක බලන්න මට පුදුම ආසාවක් ආවේ එදා.... ඒත් උබ කවුද කියලා මම දන්නේ නැහැ... ඒත් එදා මැච් එකේදි ආපහු උබව හම්බුනාම කකුල් වෙට්ටුව දැම්මේ උබ අනිවා මා එක්ක පැටලෙන්න එන බව දන්න නිසා.... උබේ අර ප්‍රේමවන්තයා ආව ගමන්ම මම දැනගත්තා උබ සබ්ජට් එකේ එකෙක් කියලා... ඒ කිව්වේ උබව මට ලේසියෙන්ම නමන්න පුලුවන්... මම කොල්ලොන්ට ගහලා ඇති ඕන තරම්... එත් උබට ගහන්න මට පුදුම ආසාවක් ආවේ... ඒකත් මට ඕනි උනේ උබේ කැමැත්තෙන් කරන්න... මොකද උබ ස්පෙශල්... කිසිම කොල්ලෙක් වෙනුවෙන් මම මෙච්චර දේවල් කරලා නැහැ... ඒත් උබ දැන් කියනවා මට ගහන්න දෙන්න බැහැලු... මම මොකෙක් වගේද පේන්නේ.... මම සනත් බණ්ඩාරගේ පුතා යකෝ... ගලවපං ඔය ඇදුම් ටික මාව යකා නොකරගෙන..."

ඌට බිව්වට වඩා දෙයක් වෙලා තියනවා.... සමහරවිට ඩ්‍රග්ස් මොනවා හරිත් අරන් ඇත්තේ... බලාගෙන ගියාම මූ කරලා තියෙන්නේ තනිකරම රගපෑමක්.. උගේ ඇත්ත චරිතෙ තමයි දැන් මේ එලියට එන්නේ.... ඇයි එන එන එකා මාව මේ විදිහට රවට්ටන්නේ... මම එක එකාට රැවටෙන්න තරම් කොච්චර මෝඩද... මට මා එක්කම ආවේ ලොකූ තරහක්... ඒ තරහත් එක්කම මාව කිස් කරන්න හදපු අවිනාශ්ට මම ගැහුවෙ මගේ අතේ උපරිම හයිය අරන්... පාර වැදුනේ උගේ නහය හරියට... දැන් නහයෙන් ලේ එනවා... ඌ හිතුවෙවත් නැහැ ඌට එහෙම පාරක් වදී කියලා...

ඌට හොදටම මල පැන්නා.... ඌ මගේ දිහාවට දික කලේ පිස්ටල් එකක්... එක අතකට පුදුම වෙන්න දෙයක් නැහැ මේ වගේ සල්ලිකාර දේශපාලනේ ගෑවිච්ච එකෙක් ගාව් පිස්ටල් එකක් තියන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි... මේ වෙලාවෙ මම කලබල උනොත් ඔක්කොම ඉවරයි.... මොකද මූ ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි... සිහියෙන් නෙවෙයි නිසා මූ ඕක පත්තු කරන්න ඉඩ තියන්වා... පිස්ටල් එක මා දිහාට දික් කරන් ඌ කාට හරි කෝල් එකක ගත්‍තා...

මනූ... Where stories live. Discover now