ඒත් මට හොස්ටල් එකට ගිය වෙලේ ඉදන් මතක් වෙන්නේ ගැමාව... ඌ මා දිහා බලන් ඉදපු විදිහ... ඌගෙ ඇස් දෙකේ මම ඉස්සර දැකපු ආදරේ ඒ විදිහටම තිබ්බා.... එතකොට අවිනාශ්ට ගහලා ගැමා ඌට කියපු දේවල් එක්ක මෙතන මොකක් හරි දෙයක් තියනවා කියලා මට තේරෙන්න ගත්තා... ගැමාට මට නොකියපු විදිහෙ මොකක් හරි ප්‍රශ්නයක් වත් තියනවද..
පහුවදා උදෙත් මම මම කල්පනා කර කර ඉන්න අතර සහන් කලබලෙන් දුවගෙන ආවා...
"මචං මෙතන අපි නොහිතන විදිහේ ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ... අද උදේ ගැමාලගේ ගෙදර ඇවිත් සර්ච් කරලා තියනවා.. මට නංගි දැන් කෝල් කරලා කිව්වේ... හොයපු දේ මොකද්ද කියන්න නංගි දන්නේ නැහැ... අම්මයි නංගී හොදටම බය වෙලා ඉන්නේ..."
සහන් කියපු දේ එක්ක ඇදේ හාන්සි වෙලා ඉදපු මම ඉබේම නැගිට්ටුනා...
"හොදම දේ උබ ගැමා අයියා එක්ක කතා කරපං බං... මට හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ..."
"හරි බං.. මට ඉක්මනට ගැමාට කෝල් එකක් අරන් දීපං.. ඌ මගේ නම්බර් එක බ්ලැක්ලිස්ට් දාලා තියෙන්නේ..."
"උබට හොදටම ශුවර්ද..."
"ඔව් බං ඒ දවස් වලම ඌ දැම්මේ..."
"ඊට පස්සේ නිකමටවත් උබ ගත්තද..."
සහනයා එහෙම කියද්දී මම ඉක්මනට ගැමාගේ නම්බර් එක ඩයල් කලා... ඒක රින්ග් වෙනවා... මම මහ මෝඩයෙක්... මම ලේසියෙන්ම ගැමාව අතඇරලා... මම ඌ ගැන බැලුවෙම නැහැ... ඌ පිස්සෙක් වගේ හැසිරෙද්දි ඒ ඇයි කියලවත් මම හොයලා බැලුවෙ නැහැ... මම මහ ලොකුවට ආදරෙයි කියලා හිතන් හිටියට මම ආදරේ කරපු කෙනා විනාස වෙද්දි ඒ පැත්තවත් බලන්නැතුව වෙන උන් එක්ක ලව් කරන්න ගියා... මම මහ කාලකන්නියෙක්... ගැමා ෆෝන් එක ආන්සර් කලා...
"ඔව් කියන්න පොලා..."
"මට උබව මීට් වෙන්න ඕනි... බෑ කියන්න එපා... මේ දැන්ම වරෙන් ගල් බැම්ම ගාවට..."
ටික වෙලාවක් නිහඩව ඉදපු ගැමා හා කිව්වා... ඉක්මනට ඇදුමක් දා ගත්ත මම ගියේ ගල් බැම්ම ගාවට... මම යද්දී ගැමා බයික් එක තියන් බලන් ඉන්නවා...
"අපේ තැනට යමු..." අපේ තැන මොකද්ද කියන්න ගැමා දන්නවා... ඌ සද්දයක් නැතුවම එතනට ගිහින් නැවැත්තුවා...
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...