12

2.4K 366 20
                                    

ගැමාට ආපහු ඇහැරුනේ මම කවීශා එක්ක කතා කර කර ඉන්න වෙලාවෙමයි...

"හරි සුදූ... මම ලබන සතියෙ එනවනේ.... මම තියන්නම්... ඔව් ඔව් අදරෙයි.... හරි උම්මා..."

ගැමා ඉන්නවා යකෙක් වගේ මා දිහා බලාගෙන....

"සුදූව හුරතල් කරලා ඉවරද... එකෝ උබ පලයන් බං... උබ ඉන්න එකෙන් මගේ තුවාල වලට වඩා රිදෙන්නේ හිත..."

"අනේ මේ බං... ගැමා අයියේ... විකාර කියන්නැතුව ඉදපං... මොකද උබ මේ ගැන දන්නේ අද ඊයේ නෙවෙයිනේ...කාලා ඉමු... අම්මා කෑම එක තියලා ගියේ... මම කවන්නම්..."

"එපා... මම හැන්දෙන් කන්නම්... උබ ඕවා කරලා ආපහු ලබන සතියේ අරකි ගාවට ගියාම මම විදවන්න ඕනි... දීපිය හැන්දත් එක්ක..."

"මේ කලිගු.... මාව යකා කරගන්න හදන්න එපා... දෙන්නේ මම තොට අනිත් අතත් කැඩිලා යන්න හිතුවක්කර වෙනකොට"

එහෙම කියලා මම කටක් අනලා ඌට දික් කලා... ඔය කන්නේ දැන් බලු පැටියා වගේ... දැන් රෑ 11ටත් කිට්ටුයි... ගෙදර අනිත් අය නිදි ඇති... සද්දයක්වත් නැහැ... ගැමාව වොශ් රූම එක්කන් ගිහින් පොඩ්ඩක් මූණත් හෝදවලා මාත් පොඩි වොශ් එකක් දාගෙන ඇදට ආවා.. හිතටනම් හරි අමුතුයි.. ගැමා එක්ක එක ඇදේ නිදාගන්න වෙන එකට... ඌ කොට්ටයක් තියාගෙන ඇද විට්ටමට හේත්තු වෙලා ඉන්නවා මම එනකන්..
මාත් ගිහින් එහා පැත්තෙන් ඇදට හේත්තු උනා..

"පොඩ්ඩක් ලගින් වාඩි වෙයන්කෝ... මම උබව ගිලින්නේ නැහැනේ..."

"උබ ගිලිනකන් මම බලා ඉදීනේ..."
මම ඌ ලගටම ගියා... ඌ හිමීට මගේ උරහිසින් ඔලුව තියා ගත්තා

"දන්නවද බං මම ගෝඨට පට්ට ආදරෙයි..."

"එහෙනම් එලවන්න ගියේ මොකටද..."

"එහෙම ගියේ නැත්නම් උබත් එක්ක එක ඇදක මට ජීවිතේට ඉන්න බැරි වෙන්න තිබ්බ..."

"හ්ම්ම්"

"දන්නවද බං... මං මේ ගෙවන හැම තප්පරේකටම ආදරෙයි.... උබ මා ගාව ඉන්න හැම තප්පරේකටම මං ආදරෙයි... උබ මට ආදරේ නැතුව ඇති... ඒත් උබ මං වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙනකොට හිතට මාරම සතුටුයි බං... මේ තුවාල එකක්වත් සනීප නොවී මම අබ්බගාත උනත් මට කමක් නැහැ කියලා හිතෙනවා උබ මගේ ලගින් ඉන්නවනම්..." ගැමා කියන දේවල් වලට මගේ හිත ගැස්සෙනවා.. හැම වචනයක් ගානේම තියෙන්නේ ආදරේම විතරයි

මනූ... Where stories live. Discover now