23

1.8K 299 37
                                    

"අපි මේක නවත්තමු..." ගැමා මගේ පැත්ත බලන්නැතුවම කිව්වා

"මොකක්... උබට පිස්සුද... මොකද්ද උබ දැන් මේ කිව්වේ..."

"මම කිව්වේ අපි මේක නවත්තමු කියලා..."

"මේ පැත්ත බලපං... මොකද්ද උබට වෙලා තියෙන්නෙ...අයියේ මෙහෙ බලපං..."

ගැමා හිමීට මගේ පැත්ත හැරුනා..
"මට දැන් මේක ඇති වෙලා..."

"ඇති වෙලා... මං මොකද්ද උබට කරපු වරද? මගේ මූණ බලාගෙන කියපං කියන එකක්..."

"පොලා... ඇති බං... උබ වැරැද්දක් කලා නෙමෙයි... ඒත් අපි කරන දේ කිසිම තේරුමක් නැහැ..."

"මෙච්චර කල් කලේ තේරුමක් නැතුවද එතකොට..."

"අපි හැගීම් වලට වහල් වෙලා හිටියෙ බං... ඒ උනාට මම කල්පනා කලා.. අපි මේක දිගටම කරන් යන එකේ කිසිම තේරුමක් නැහැ..." ගැමා මේ කියන්නේ මොනවද කියලවත් මට තේරෙන්නැහැ...

"අයියේ....උබ ඇත්තටමද බං ඔය කියන්නේ.... එහෙම ලේසියෙන් නවත්තන්න පුලුවන් විදිහටද උබයි මමයි ආදරේ කලේ.... මා දිහා බලං කියපං උබ මට ආදරේ නැහැ කියලා... උබට මම නැතුව ඉන්න පුලුවන් කියලා..."

"උබට මම ආදරේ කලා... ඒත් ඒ ආදරේට කිසිම අනාගතයක් නැහැ... අනික බං... මට හිතෙනවා මම උබට ලව් කලේ සෙක්ස් නිසා කියලා.... මට දැන් උබව ඇති වෙලා වගේ... ඒ කියන්නේ උබව කිස් කලාටවත් මට දැන් දැනෙන්නැහැ..."

අනේ දෙයියනේ ගැමා මොනාද මේ කියවන්නේ... කොහොමද ඌ මේව උගේ කටින් කියන්නේ? මව පිච්චෙනවා වගේ... මාව මෙතනම මැරිලා යයි මේ කියන දේවල් තවත් අහන් හිටියොත්

"නවත්තපං.... නවත්තපං... උබ මොන හිතකින්ද ඔහොම කියන්නේ... උබ කියන්නේ මීට සතියකට කලින් මාව තුරුලු කරන් කවදාවත් දාලා යන්නැහැ... මට උබේ පණටත් වඩා ආදරෙයි කියලා... හැමදාම එකට ඉන්න පොරොන්දු ගත්ත උබට මාව එක සතියකින් එපා උනා කියලද... උබ ඔලුවෙන් හිටගෙන හිටියත් මම පිලිගන්නැහැ උබ කියන දේ.. උබේ ආදරේ මට මගේ අදරේටත් වඩා විශ්වාසයි....මට කියපං අයියේ මොකද උනේ.... ඕන ප්‍රශ්නයක් අපිට එකතු වෙලා විසද ගන්න පුලුවන්... මගේ රත්තරං මට කියපං දෙයියෝ මොකද උනේ කියලා..." මගේ ඇස් වලින් කදුලු කැට කඩා වැටෙද්දි මම ඌගේ අතේ එල්ලිලා උගෙන් ඇහුවා...

මනූ... Where stories live. Discover now