15

2.4K 344 32
                                    

ආන්ටි නිතේශ්ගේ මෙනූ එකම හදලා තිබ්බා... කෑම ටිකනම් පංකාදු පහයි... කොල්ලො ටික කෑවේ හත් දවසක් තිස්සේ කාලා නැහැ වගේ... හවස 3 වගේ වෙද්දී උන් ටික යන්න ලෑස්ති උනා...

"අපි එහෙනම් මිසින් වෙනවා මචන්ලා... අඩෝ පොලා... ඔය අත පය කැඩිච්ච එකාට ඉන්න දීපන්... අඩු තරමේ හරියට සනීප වෙනකන් වත් ඉදපං..." නිතේශයා බලු කතාවක් කිව්වේ සාලේ ආන්ටියි අන්කලුයිත් ඉද්දී... ආන්ටිට ඕවා තේරෙන්නැහැ.. ඒ උනාට සාලේ පැත්තක ලොකු කමට අහක බලන් ඉදපු අන්කල් කාරයා නලලත් රැලි කරන් අපි දිහා බැලුවේ... මගේ ඇගත් එක්ක හීතල වෙලා ගියා... මේ බල්ලගේ කටේ තාර දාලා අලවන්න ඕනි තැනක් නොතැනක් නැතුව අරිනවට

"අඩෝ මේ කට වහගෙන වරෙන් යන්න පරක්කු වෙනවා.... ආන්ටි... අන්කල්... අපි එහෙනම් ගිහින් එන්නම්..." සහන් හැම වෙලේම වගේ වැඩේ ශේප් කල...

"දුව.... මෙහෙ එන්න මේ අයියලා ටික යනවලු..."

"ඉතිං යන්න කියන්න... මෙච්චර වෙලා මට එලියටවත් එන්න දුන්නේ නැහැනේ... මහ ලොකු අයියලා ටික ඉන්නවා කියලා... ආයේ යනකොට මොනා බලන්නද..."

"පොඩී... මම කියලා තියනවා හරියට කතා කරන්න පුරුදු වෙන්න කියලා... මෙහෙට එනවා මාව යකා නොකර..." අන්කල්ගේ කටහඩ ගේ පුරා රැව්පිලි රැව් දෙනකොට නංගි හොර පූසා වගේ එලියට ආවා... අපේ කොල්ලො ටික නංගිට පැණි හලන එක නවත්ලා... ඒකිගේ කට නිසා... හැබැයි සහන් නංගි දිහා තාමත් බලනවද කියලා මට නිකමට වගේ හිතුනා... සමහරවිට සහන් වගේ කෙනෙක්ට නංගිව හදලා ගන්න බැරි වෙන එකකුත් නැහැ...

කොල්ලො ටික ගියාට පස්සේ හැම දේම වෙනදා වගේ උනා... හැබැයි වෙනදා විදිහට නෙවෙයි ආදරවන්තයෝ දෙන්නෙක් කරන විදිහට... මම මේ දවස් ටිකට ගැමාගේ ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ... ඌ මාව තුරුල් කරන් කියන කතා... මාව ඉබින විදිහ... මා දිහා බලන විදිහ... මේක තමා මට ඕනි උන ආදරය... මේ ටික දවසට වෙන් කරන්න බැරි තරමට මමයි ගැමයි බැදිලා කියලා මට හිතුනේ...

ඒ දවස් ටිකටම ගැමා මගෙන් කවීශා ගැන ඇහුවේ නැහැ... සමහරවිට එයා මාව ඒක කියලා ප්‍රෙශර් කරන්න අකමැති ඇති... මට කවීශා ගැන බලන්නත් අමතක උනා... ඒකි මට කෝල් ගත්තෙත් හරිම අඩුවෙන්...

මනූ... Where stories live. Discover now