20

2.2K 318 29
                                    

පහු වෙනිදා අම්මයි තාත්තයි ඉස්කෝලෙට ගිය නිසා ගෙදරම පාලුයි.. දවල්ට උයන වැඩේට පොඩීට ගැමා උදවු කලා.... ගැමාට රසට උයන්න පුලුවන්... ගෑනියෙක් ගත්තේ නැහැ කියලා අවුලක් නැහැ.. මට බඩගින්නේ ඉන්න වෙන එකක් නැහැ කවදා හරී...

මම කලේ ෆෝන් එක ඔබන ගමන් ලූනු සුද්ද කරනවා වගේ පොඩි පොඩි වැඩ... පොඩීයි ගැමයි වල් පල් කියව කියව උයනවා... උන් දෙන්නා මාරෙටම ෆිට් වෙලා... ලොකූගෙනුයි පොඩීගෙනුයි මම වැඩියෙන්ම ආදරේ පොඩීට... ලොකූට වඩා හැම වෙලේම මන් ගැන හොයලා බැලුවේ පොඩී...

උයලා ඉවර උනාම පොඩී කෑම වගයක් බොක්ස් වලට දාලා ගත්තේ අපේ ගෙවල් වලට එහායින් තනියම ඉන්න දුප්පත් ආච්චිඅම්මා කෙනෙක්ට ගෙනිහින් දෙන්න... පොඩීගේ ඒ වගේ ගති ගුණ ගොඩක් තියනවා...

පොඩී යනකන් ඉදලා ගැමායි මායි ෆිල්ම් එකක් දාගත්තේ බලන්න... ඒත් වැඩි වෙලා යන්න කලින් ඌ මාව කිස් කරන්න පටන් ගත්තා... කිස් එක නැවැත්තුවේ පොඩී ශීනාට කතා කරගෙන එන සද්දෙන්...

දවල් කෑම කාලා අපි හවස් වෙන්න කට්ටිය එක්කම ගියේ සමන් දේවාලේට... ගැමා යන්න කලින් සමන් දේවාලේ යමු කියලා යෝජනාව දැම්මේ අම්මා... අම්මටත් ගැමාව හොදට හිතට අල්ලලා..
හවස පූජාවට ගැමා පූජා වට්ටියකුත් පූජ කලා... ඌ ඒවා කලේ හරිම භක්තියකින්...

මම සමන් දෙයියන්ගෙන් කලේ එකම එක ඉල්ලීමයි... කවදාවත් අපි දෙන්නව වෙන් කරන්න එපා... හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියලා... ගැමා මට ගෙදර ආවම කිව්වේ ඌත් ඒකමයි දෙවියන්ගෙන් ඉල්ලුවේ කියලා...
ඒත් දෙවියෝ අපේ සම්බන්දෙට කැමතිද දන්නැහැ ඉතිං...

එදා හවස සහන්ගෙන් මට කෝල් එකක් ආවා...

"අඩෝ... පොලා.... උබ ගෙදර ගිහින් කෝල් එකක්වත් දුන්නැහැනේ ඊයේ..."

"අඩෝ සිරාවටම අමතක උනා බං... උබ පරිස්සමෙන් ගියා නේද... මට අහන්නත් බැරි උනා..."

"ඔව් ඉතිං... උබට කොයි වෙලේද මාව මතක තිබ්බේ... මම පරිස්සමෙන් ආවා..."

"මාත් ඊයේ දවල් වෙද්දි ගෙදර ආවා බං... ගැමා අයියත් අපේ ගෙදර ආවා..."
සහන්ගෙ පැත්තෙන් පොඩි වෙලාවක නිහැඩියාවක් තිබ්බා...

මනූ... Where stories live. Discover now