හවස තිබුන ලෙක් එකත් ඉවර වෙලා අපි පස් දෙනා බෝඩිමට ටිකක් එහායින් තිබ්බ කඩේකින් ෆුල් කොත්තු දෙකකුත් අරන් බෝඩිමට ආවා... මම යනකොට තාත්තා මගේ බඩු ඔක්කොම අස් කරලා තියලා ගිහින් තියෙන්නෙ... මට මාරම දුකයි ඒක දැක්කම... මගේ රූම් එකේ මායි සහනුයි විතරයි.. එහා රූම් එකේ අනිත් තුන් දෙනා... නාලා කරලා ගෙදරටත් කෝල් එකක් අරන් අරුන් එක්ක කන්න සෙට් උනා...
කතා නායකයා නිතේශ් වැඩ පටන් ගත්තා... "අඩෝ බං මනූජයෝ උබ ආපූ දවසෙම බාල්දියක් දා ගත්තා නේද"
"නෑ බං මට මල පනිනවා උන්ගේ සිගිති ආතල් වලට..."
"හැම පොඩි දේකටම ඔහොම තරහ ගන්න එපා බං... පොඩ්ඩක් ඉවසපන්කෝ..." සහනයා ඉතින් මගේ අම්මා වෙන්න එනවනේ...
"ඉවසීම කියන්නේ බං මගේ සීමාවේ තියන දෙයක් නෙවෙයි..."
ඊලගට කතාව පටන් ගත්තේ සීතල බුවා... චේතිය.."උබ දන්නවද බං උන් අලුතෙන් ආවම අපිට රැග් කරන්නේ ඇයි කියලා... යකෝ මේකට එන හැමෝම එක වගේ නැහැ... ඒ හැමෝම එක තැනකට ගන්න ඕනි නිසා එහෙම කරන්නේ... උබලටත් ඕක තේරෙයි සෙකන්ඩ් ඉයර් එකට ගියාම... අපේ අය්යා බං පේරේ ඉන්නේ... ඌ මට ඔක්කොම වෙන විදිහ කියලා එව්වේ... තෝ ඔයිට වඩා ඉවසන් ඉදපන්... නැත්නම් තොට අලයෙක් වෙන්න වෙන්නේ.."
"අල බැරිනම් කැරට්... ඔය රෙද්දේ කතාව නවත්තලා කාපන් මේන් මෙක.." මාව හදන්න ආවා මෙතන... මට ඕනිනම් මන් හැදෙන්නේ... ඊට පස්සේ ඉතින් අපි බැජ් එකේ කෙල්ලෝ ගැන කියව කියව ආතල් එකේ ඉදලා නිදාගන්න ආවා...
ඇදට ආපු මට මතක් උනේ කවීශාව... ශික් එහා පැත්තේ සහනයා තාම ඇහැරලා අතේ පාරක්වත් ගහන්න නැහැ මේ බෝඩින් මගුලකට අවිත්... ෆිල්ම් හෝල් එකකට ගිහින් එහෙන් මෙහෙන් අල්ලලා ගලක් කැපුවට ඇරෙන්න මම තාම කෙල්ලෙක්ට හරියකට ..කලා නැහැ.... හැබැයි දැන්නම් මට මොකියෙක්ට හරි අරින්නම ඕනි... කවීශාව දා ගන්න එක ගැන හිත හිතා ඉද්දි මට නින්ද ගිහින්..
දවසින් දවස ගෙවිලා මම යුනි එකෙට ඇවිත් සති දෙකක් වෙන්න ආවා... හැමදාම එකම රවුම තමා.. ලෙක් යනවා... කොමන් එකට යනවා.. ආයෙ ලෙක් යනවා ගෙදර යනවා... කනවා... බොනවා... රැග් එකේ ඉතින් මම මමම තමා.. උන් කියන ඒවා මම කලේ නැහැ... ඒක උන්ටත් දැන් එපා වෙලා... එක පරක් දෙපාරක් කියලා මම කලේ නැති උනාම කුනුහරුප ටිකක් කියලා යනවා.. ගැමා එදායින් පස්සේ මගේ රැග් ගැන බලන්න ආවේ නැහැ... උගේ කොහොමත් පට්ට ලයින්... රැග් සීසන් එක්ක ඉවර උන ගමන් උගේ රැස් බහීනේ...
YOU ARE READING
මනූ...
Non-FictionCompleted දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...