01

5.3K 186 69
                                    

"ඕයි... සුමනේ... සීතලයි යකෝ."

"බෙල්ලෙ වැල දාගනින්..."

"අම්මට හිකෙන කතා නොකියා ඉදපන් වසලයා..."

"පරයෝ ඕකා තොගෙ මල්ලි කෙනෙක් යකෝ... පුංචි අම්මට ඇහුනොත් තෝව කෝටු කරලා ගහ ගනි කිහිල්ලේ."

"අම්මට... ඔව් මනේ... මූ මල්ලිනේ... එත් මූගෙ මල්ලි කම තියෙන්නෙ කොහෙද බං"

"උබේ පරම්පරාවේ කොටලා තියෙන්නෙ..."

මම සද්දෙන් හිනා වෙලා උමන් පාරට හූවක් දැන්මේ රුවන් අයියයි, අශා අයියයි, සුමනේ අයියයි කියපු දේට. හේකිස්... අපි මේ යන්නෙ බණ්ඩාරවෙල අපේ ලොකු මාමාගෙ ලොකු පුතාගෙ දුවගෙ කොටහලුවට. ඌන් ඉන්නෙ එහෙ අපි ඉන්නෙ මෙහෙ... මෙහෙ කිව්වේ කොහෙ... වෙන කොහෙද කොළඹ... මහ ලොකුවට සැට් එකම කිව්වේ නයිට් මේල් අදිමු සෙනග නෑ අරකද, මේකද? ඒත් වුනේ කොලු රැල බලු රැල වගෙ සීට් අල්ලලා ගෑණු ටිකට දීලා කෝච්චි අණ්ඩේ එල්ලිලා යන එක. ඒ අස්සෙන් මමත් එකෙක්... තුහින ටකේෂ්... අම්මටහුඩු සීතලයි බල්ලෝ.... ඇතුලට ගිහින් මම හදුන්වා දීම කරන්නම්. මම දැන් ඉන්නෙ ෆුට් බෝඩ් එකෙ ෆූඩ් බෝල් ගහන ගමන්...

අතේ තිබ්බ සිගරට් කොටයත් කෝච්චියෙන් එළියට දාලා ඇතුලට ඔලුව ඔබද්දි අපේ ඌන් ගහනවා කියන්නෙ මල් එත් මට ඕවා අකපැයි නොවැ... අකැප නම් වෙන අහවල් දේකට නෙවේ මූන් ඔක්කොම නෑයෝ නිසා. එකමයි සිගරට් එකත් අරම් ඊගාව පෙට්ටියට ගියෙ. මම තාම ඕලෙවල් කරපු එකෙක්. මගෙ අයියලා කියන ඌන් ඔක්කොටම 30 පැනලා සමහර ඌන්ට මගෙ වයසෙ ළමයි ඉන්නවා. එක්සාම්පල් එකක් තමයි මේ කොටහලුවට යන එකාගෙ පුතා එලේවල් කරන්න ගෙදර ඉන්න එකෙක්. මගෙ වයසෙ බුවෙක්. බලපන් එහෙම බලද්දි නතින් නේහ්...

"ටෂි.... ටෂී..." කෝච්චි පෙට්ටියෙ ඉදන් අපේ දෝණි ටෂි ටොෂි මිෂි ගගා එළියට එද්දි මම අනික් සැට් එක දිහා බැලුවා. මෙන්න මූන්ගෙ මල් පෙන්නෙවත් නෑ. අපේ එකිට දත් 32ම් පෙන්නලා තමයි හිනා වෙන්නෙත්.

"මොකද දෝණි කෑ ගහන්නෙ."

"අම්මා කිව්වා ඇවිත් ඉදගන්න කියලා... දැන් පැය ගානක් හිටගෙනනෙ ආවේ."

"මට ඕනේ නෑ... මම පිරිමියෙක්නෙ." මම ගට් එක අරන් එහෙම කිව්වාම රුවන් අයියා බකස් ගාලා හිනා වුනා.

❄ ශීත 🍻Where stories live. Discover now