118

486 82 124
                                    

මගෙ කතාවේ දැනට චැප්ටර් ගනනාවකම ලස්සන ලස්සන චැප්ටර් වලට වඩා තිබ්බේ මට දේවල් නැති වුන චැප්ටර්. මුල ඉදලා අගටම මට හිතුනේ මගෙම පොත ආයෙත් කියවලා බලද්දි මිනිස්සුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියන දේ. ඒ වගෙම කාගෙවත් කතාවක වෙන්න හොද නැති තරමට මම විදවලා කියලත් මට හිතුනා. ඔව් ඇත්ත ලගම ඉන්න මිනිස්සුන්ටත් සර්ප හිසක් එන්න මහ කාලයක් යන්නෙ නෑ...

"සර් අපිට හොයාගන්න පුලුවන් වුනා. මේ අනික් දෙන්නාගෙන් කෙනෙක්ව. එයා කාලේක හොද ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්"

"ඇයි කාලේක කියන්නෙ." සදෙව් උස්සන් ආව රිපෝර්ට් බලන ගමන් තමයි ප්‍රශ්න කරේ

" මෙතනින් එක්කෙනෙක් බිස්නස් කරපු කෙනෙක්. එත් දැන් බංකොලොත් වෙලා තියෙනවා. එකත් මේ මාස දෙක, තුනක් ඇතුලට. එයා ඉන්නෙ කැප්පෙටිපොළ ටවුන් එකෙ."

"කැප්පෙට්ටිපොළ කියන්නෙ මේ ළඟ..."

"ඔව් සර්..."

"සදෙව්... මම දෙයක් ඉල්ලන්නද?"

"මොකක්ද සර්."

"මට සර් කියන්න එපා... මිස්ට ටකේෂ් හොදටම ඇති. සර්, සර් කියන්න තරම් මම මහත්තයෙක් නෙවේ..."

"එත්... අපි කලින් හිටිය අයට කිව්වේත් එහෙමයි."

"කලින් අයටනෙ. දැන් මම ඉන්නෙ අපි එකම ගෲප් එකක්. නම්බු නිලතල එපා... දැන් මට කියන්න මෙතන ප්‍රශ්නේ."

"ආහ් හරි. මෙයාලා ගැන මම හෙව්වා. මේ අය හොද අතු දැන් කාලේකට කලින්. තේ අක්කර ගානක අයිතියක් උඩුපුස්සැල්ලාවේ තිබිලා තියෙන මිනිහෙක් මිස්ට පතිරණ කියන්නෙ. ඒ මිනිහා මීට මාස 3කට කලින් අයිස් ඩීල් එකක පැටලිලා තියෙනවා. හොදටම ඉස්සිලා අවසානේ මිනිහත් ඇබ්බැහිවෙලා කදු යායම විකුණලා තිබ්බා."

"උඩුපුස්සැල්ලාවේ කොහෙද? කොයි හරිය වගෙද?"

"වීර්මාරවත්ත. සමනලීගෙ කේස් එකෙ තිබ්බ කදු යායේ අක්කර ගානත් විකුණලා දැන් ඉන්නෙ වැලේ වැල් නැතුව."

"ඔයාට බැරිද ගත්තෙ කවුද කියලා බලන්න."

"මම හොයාගත්තා." විහගි ලැප් එකත් උස්සන් ඇවිත් මගෙ ළඟ අත්තැරියා.

❄ ශීත 🍻Where stories live. Discover now