47

517 98 113
                                    

"දෝණි තාම ලෑස්ති නැද්ද?" මම මේ කෝල් කරලා දෝණි අමතන කී වෙනි සැරේද අම්මපා මට මතක නෑ.

"ඉන්න දැන් මේ ලිප්ස්ටික් ගාන ගමන්."
"පොඩ්ඩක් ඉන්න කොණ්ඩේ හදනවා"
"ටිකක් ඉන්න අම්මගෙ සාරිය"

"ඔය මගුල ඉවර වුනාමද යන්නෙ. මගුල 6 ඉදන් මට ඇදගන්න කියලා. මොන මවුලි මංගල්‍යක් කරනවද?"  ප්‍රසාදි අක්කා එදා හිටියෙ නැති නිසා අම්මගෙ යාලුවෙක්ගෙ තැනකට ගියෙ.

"පුතා එන්නකො අපි දෙන්නව එක්ක යන්න." අන්තිමේ 10යි 15ට මට කෝල් එක ආවා අම්මාගෙන්. අපේ කට්ට කපටි අම්මණ්ඩි තමයි ඔය ගැටේ ගැහුවේ. එකි කතා කරොත් මම වැනෙන බව දන්නවනෙ.

"ඉන්න එන්නම්." අප්පච්චිගෙ වීල් එක අරන් ගිහින් මම මත්තේගොඩ කෑම්ප් එක ළඟ ඇතුලේ තිබ්බ ගෙයක් ළඟ නැවතිලා කෝල් එක ගද්දි මෙන්න එනවා සමයං දෙකම භූත සමයන් වෙලා වගෙ. යකො මූන් ඇත්ත රූපෙන් මීට වඩා ලස්සනයි.

"මොනවද බං පොටි ඇදලා වගෙනෙ"

"අනේ මේ කට පියන් යමු. මාත් ඉන්නෙ කේන්තියෙන්."

අපේ අම්මට තිබ්බේ බූසියට දිගට තියෙන කොණ්ඩයක්. ඒ කොණ්ඩේම භාගයක් තමයි දෝණිට තිබ්බේ. ඒකි අයන් කරලා කොණ්ඩෙ කඩලා දාලා. මූන් මෝහිනියෝ කියලා අම්මපා වෙඩින් එකෙ සැට් එක බය වෙනවා. අම්මගෙ ඇද හොයන පරම්පරාවට නම් ඉතින් කල්ල මලේ.

"යමු යමු. මම උබර් එකෙන් වෑන් එකක් දා ගන්නම්." මම එහෙම කියලා වීල් එකට හොල්මන් දෙක දා ගත්තා. ටික දුරක් අපි ආවා. පොඩ්ඩ පොඩ්ඩ හුලන් වදින නිසාද කොහෙද හොදට තිබ්බ අපේ දෝණිගෙ කොණ්ඩේ අවුල් වෙලා. ගෙදරට එද්දි අම්මගෙ මේකප් එක දාඩිය වෙලා යනවා මට පේනවා.

"මොනවද මේ..."

"අප්පච්චිගෙ නෝනායි, දුවයි." මම ජෙල් ටිකක් ලාවට අතේ ගාගෙන නෑව කොණ්ඩෙට ගෑවි නොගෑවි යන්න ගෑවා. ඒකෙන් පාර හිටින්නෙම නෑ. එත් ඇතුලෙන් අර නාලා අලුත නිසා කොණ්ඩේ රැදෙනවා. උඩින් ජෙල් ගාන්න ගියෙ නැ. කොහොමත් මම රැවුල ස්මූත් විදියට තියන් යන නිසා පිම්ඹිලා වගෙ තියෙන කම්මුල් වලට පොඩි මහත ලුක් එකක් එනවා. උඩ රැවුල නම් රේසර් එකෙන් තොල් පෙන්න කපාගෙන යටට වෙන්න තිබ්බ රැවුල් කොට පෝඩ්ඩක් අඩු කරලා ගත්තා. ඒ කරලා අම්මා දුන්න ෂර්ට් එකයි, කලිසමයි, රෙන්ට් එකට ගත්ත කෝට් එකයි, හැමදාම මාව සනසන සපත්තුයි දා ගත්තා. මම රෙඩි..

❄ ශීත 🍻Where stories live. Discover now