43

573 98 102
                                    

"අනේ ඉතින් මෙහෙම වෙලිලා ඉන්නවා බලන්න අපි දෙන්නා පිං කරානෙ..." රෑ පුරාම සතුවාගෙ කියවිල්ල අහලා අහලා නිදාගත්තත් මූණට වැටෙන ඉර එළියයි, මොක්කුද වගෙ ඩබලකගෙ සද්දෙටයි මට ඇහැරුනා.

"ඔය දෙන්නා මැජික් බලනවද?" මම නැගිටලා අහද්දි දෝණි අහක බලාගත්තාම මැණිකෙ අක්කා නම් හිනා වෙනවා.

"මට හිතෙන්නෙ සනාගෙ නිදි පුරුද්දක් වෙන්න ඇති ඔය බඩ අල්ලන් නිදාගන්න එක." මැණිකෙ අක්කාට මාව ඇහුනේ නෑ වගෙ ආයෙම දෝණි එක්ක කතාව.

"ඔව් නේද? කලින් පාරත් බඩ අල්ලන් නිදාගත්තෙ."

"එයා ආච්චි එක්කත් එහෙමයි." ඇස් දෙකත් පියාගෙන මම නැගිටින්න  හදද්දි තමයි තේරුනේ මගෙ ෂර්ට් එක යටින් අරු අත දාන් බඩ අල්ලන් ඉන්නවා කියලා. මෙහෙමයි පළවෙනි පාරයි, දෙවෙනි පාරයි ලැජ්ජා හිතෙනවා. එත් දැන් ඔන්න ඔහෙ කමක් නෑ... අරුන් දෙන්නට ඇති තරම් බලාගනින් කියලා මම නිදාගත්තා.

"ඒ එහෙම මුකුත් නෑ වගෙ... ඔය දෙන්නා පහලට එන්න නැගිට්ටට පස්සෙ." දෝණි කියවන් ගියා. මමත් ආයෙත් නිදිමතෙන්ම ඇස් පියාගත්තා. එත් මට වැඩි වේලාවක් එහෙම ඉන්න හිතුනෙත් නෑ. මෙයා ඇකඩමි ගියොත් ෆෝන් එක ගන්න බැරි වෙනවා. එහෙ නීති සැරයි එහෙම දේවල් වලට. ඉතින් මට දුක හිතුනා නිදාගන්නත්. ගියෙ තැඹිලි ගෙඩියක් වගෙ වුනත් දැන් පොඩ්ඩක් සුදු වෙලා. එත් මම ඒ පාටට ආස නෑ. එයාගෙ ඇස් දෙකෙ පිහිටීමත් එක්ක දිගැටි තොල් දෙකයි ඉන්න නහය පොඩ්ඩක් මොට වෙලාද තිබ්බට වඩා. මූ ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරාද? මොනවා වුනත් මේ රූපේ ජිවිතේට මට අමතක වෙන එකක් නෑ. ඒ තරම් ලස්සනක් තියෙනවා.

"මොනවද ඔය ඇගිල්ලත් නහයට අරන් කල්පනා කරන්නෙ."

"තමුසෙ නහය මොට කරාද? උල් විදියට තිබ්බ නහය දැන් තැලිලා වගෙනෙ."

"කරන්න නම් තමයි හිටියෙ. එත් කොහෙද සල්ලි මදි වුනා."

"එහෙනම් මේ වෙලා තියෙන්නෙ."

"බූරුවෝ මම නිදාගෙන ඉද්දි ඒක පෙන්නෙ මොටයි වගෙ. හරියට බලාගන්න තිබ්බනෙ මම නැගිටලා ඉද්දි. මොකට කියනවද ආව දවසෙ ඉදන් මගෙ ලස්සන ලෙවල් කරපු එකනෙ කරේ."

❄ ශීත 🍻Where stories live. Discover now