07

687 119 34
                                    

මට හිතාගන්න බැරි වුනේ මම කොච්චර අවාසනාවන්ත දරුවෙක් වුනත් අම්මා කියන කෙනාට කවදාවත් සතුටක් දෙන්න බැරි වෙන්නෙ ඇයි කියලා. හිතාමතාම කරන වැරදි වලට දෙවියෝ වුනත් දෙන්නෙ සැර දඩුවම්. මම හිතන්නෙ මමත් දේව ශාපයක් වෙලා කියලා. අම්මගෙ ආදරේ පිරුණු ඇස් දෙක සනාගෙ මූණට වදිද්දි මම පිටයි කියලා නිතරම හිතෙනකොට මට ආවේ මහ තනිකමක්. මම දුර්වල මිනිහෙක් කියලා වටපිටාවටම හංවඩු ගැහෙද්දි මට පුලුවන් වෙයිද...

"සුදු... සුදූ..." මගෙ එහා පැත්තේ ඉන්න දෝණිගෙ කරච්චලේ මට එපාම වෙනවා දැන්. මම මූඩ් එකක නෑ. මට මෙහෙම වේලාවට මොකෙක් හරි වෙන එකෙක් එක්ක කතා කරන සද්දෙත් ෆට්ට වදයක්.

"දෝණි කෑ නොගහා ඉන්නවකො..."

"ටෂි..." අරකි ඇඹරෙනවා. ඉන්න ඉන්න මෙතන මොකක්ද මේ වෙන්න යන්නෙ.

"මොකො දෝණියෝ..."

"බාතෲම් එකක්... කොහෙද? ම්ම්ම් ම... " කියාගන්න බැරි තරමට හිර වෙලා තියෙනවා වගෙ නිසා මම මගෙ රූම් එකට එක්ක ගියා. ඒකෙ ඇතුලේ තිබ්බ වොශ් රූම් එකට එකිව යවලා බලන් හිටියා. පණුවා වැඩ කරාවත්ද?

මම රූම් එකෙ හිටියෙ අරකි දොරත් වහගෙන. වාතාශ්‍රය හොද නැති ගතියකුයි, නිකන් සද්දෙත් එක්කම වැඩේ වෙන සීන් එකකුයි නිසා දෝණි වුනත් මෙතන ඉන්න බෑ යකො. නහයක් තියෙන්නෙ මට.

මම සාලේට යද්දි සරදියල් බෙබා එක්ක බොනවා. අපේ අප්පච්චි නම් මෙලාකට නිදි ලී ඉර ඉර. එත් අර අපේ අම්මගෙ පූස් හුරතලා ඉන්නවා එයා ගාවම දැවටි දැවටි. මූ මේ මොකාටද එන්න හදන්නෙ. යකෝ තව ලියාගන්න කියලා ඉතුරු මාව විතරයි ඔය අහිංසක ගෑණිගෙන් එහාට පලයන්. මමත් ඉතින් රවාගෙන බලන් ඉන්නෙ. මගෙ ඇස් ඒ තරම් හොදයි කියලා අපේ නෑයෝ ඔක්කොම මට කියනවා. මේ ටෂි කියන්නෙ යකෙක්... මම පොඩි කාලේ කට්ට කලු අගුරු කෑල්ලක් වගෙ නිසා තමයි නෑයෝ එහෙම කිව්වේ. අදටත් ලලිත් මහප්පා එහෙම තමයි මට කතා කරන්නේ... ආයෙ ඉතින් දෙන්න හිතෙනවා නෝනිට උණ ගැනෙන්න ඒත් වැඩක් නැති නිසා පාඩුවේ ඉන්නවා. මොකො ඌට මුකුත් කරා කියලා මට සුගතියක් වෙනවද ඒත් අපේ අම්මා මාව සුප් හදලා බොන්න හදයි.

❄ ශීත 🍻Where stories live. Discover now