104

378 88 110
                                    

මිනිස් ජිවිත මහා පුදුමාකාරයි. අවුරුදු 17 තුහින ටකේෂ් මේ වෙද්දි මැරිලා වලලලා... කාමරේටම වෙලා ඉන්න ආස කරපු, පාර්ට් ටයිම් කරලා අම්මලා එක්ක හිටිය තුහින දැන් නෑ. අඩුම ගානේ වැඩට නෙවේ නම් රස්තියාදුවේ යන්නවත් ගෙදරින් එළියට නොබැස්ස ඩේටා අස්සෙම ජිවිතේ ගෙව්ව තුහින දැන් හාවා හද දකින්න වගෙ තමයි ගේ දකින්නෙ. අම්මා එක්ක හුරතල් වෙන්නෙ. මට සැකයි ඉස්සරහට යද්දි මම ගෙදරින් අයින්ම වෙලා ඉදීද කියලත්.

ඉන්ටර්වීව් එකෙන් පස්සෙ නඩුවේ ඩීටේල්ස් බලන්න මම කොළඹට ගියා. සතූගෙ කාර් එකත් අරන් ආව නිසා සතු ඇත්තෙ ගෙදරට වෙලා දෝණි එක්ක කියව කියව ඇති. බලන් යද්දි අවුරුදු 17 තුහින විතරක් නෙවේ අවුරුදු 17 සතුර්කත් දැන් මැරිලා ගිහින්.

"පොඩ්ඩක් ඉන්නවද අතනින් වාඩි වෙලා ඔයාගෙ කේස් එක භාර සර් තාම ඇවිත් නෑ."

"කීය වෙයිද එන්න."

"ශෝර්ට් ලීව් තමයි සර් දැන්මේ... එයා දැන් එයි."

යකො අපි ආව පළවෙනි දවසෙත් ඕකා ශෝර්ට් ලීව් නෙවේද හිටියෙ. මුන්ගෙ අප්පගෙ ලීව්නේ මුන්ට තියෙන්නෙ.

"සර්... පිලිස්."

"ඒක නෙවේ ඔයාලගෙ ඔය ඔෆිසර් ගිය පාරත් ලීව් නේද හිටියෙ. මට හොදට මතකයි මම ගිය මාසේ ආවාමත් කිව්වේ එයා ලීව් ගියා කියලා..."

"සර් එයාගෙ නෝනා ප්‍රේග්නට්."

"නෝනා කෙසෙ වෙතත් ඒ බඩා ප්‍රේග්නට් වගෙ."  මම හෙමින් කියනකොට රිසෙප්ශන් එකෙ හිටිය ගර්ල්ලා  ඔක්කොම හිනාවුනා. විනාඩි 2ක් උපරිම ඉන්න ඇති. රිසෙප්ශන් ගර්ල් මට කතා කරා.

"සර්... මම එහා පැත්තෙ මිස්ට සර්ව කන්ටැක් කරන්නද හදිස්සි නම්."

"ඔව් ඒක හොදයි."

මම පොඩි වේලාවක් ඉස්සරහා සෙටියෙ ඉදන් ඉද්දි මම දැක්කේ වෑකන්ද ඔෆිස් එකෙ ඉදලා එළියට යන්න ආවා. මූණ කැද හැලිය කරගෙන ඉන්නවා...

"මිස්ට වෑකන්ද..." යන්න ගියපු නරියාට යන්න නොදි මම කතා කරලා අල්ල ගත්තා.

"තමුසෙ මෙහෙ ආවේ වන්දි ගන්නද?" මම ෆෝන් එක අන්ලෝක් කරලා රේකෝඩින් දා ගත්තා. කියන්න බෑනේ ඕවා.

❄ ශීත 🍻Where stories live. Discover now