60

649 110 94
                                    

ඕන් ඉතින් මේවට තමයි කියන්නෙ අබුද්ධස්ස කාලෙ කිරි ලබුත් තිත්තයි කියලා. මේ පත්තරේක වැඩට ඇවිල්ලා මමත් විදින දුකක්. ගෑණු මදිවට පිරිමිත් මට වහ වැටෙන එක නම් දැන් මටත් සුපිරියටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඇයි යකො මුන්ට වෙන කොල්ලො පෙන්නෙ නැද්ද මාවම කන්න හදන්නෙ.

කාර් එකට නගින්න හදද්දි ඩ්‍රයිවර් කාරයත් හිටිය නිසා හෂිනිට මාත් එක්ක පිටිපස්සෙන් යන්න ඕනේ වුනේ. ඒ මදිවට සනාටත් ඒකම ඕනේ වුනා. සතුර්ක නම් සාධාරණයි කියමුකො. එත් හෂිනි කියනවා කේස් එක ගැන කතා කරන්න අපි දෙන්නා පිටිපස්සෙන් යමු කියලා. ඔය කේස් එක ගැන කොච්චර ඕකි කිව්වත් ඕකිත් කියවන්නෙ එකම ටික. ආයෙ මොකටද බං මම ඕක අහන් ඉන්නෙ බං. එකම ටිකනෙ. ඕකි මුකුත්ම අලුත් දෙයක් හොයාගෙන නෑ.

"හරි ඔය දෙන්නා පිටිපස්සට ඔච්චර ආස එකෙ ඔය දෙන්නා පිටිපස්සෙන් යන්න  මම ඉස්සරහට යන්නම්." මම එක හෙලා කිව්වා. නැත්තම් බෑ.

"ටූන..." සතු ඇස් දෙකත් බිමට හරවන් දුක් කරගෙන මගෙ නම මතුරනකොට මම ඉස්සරහා දොර ඇරියා.

"එත් එහෙම හොද නෑනේ.. මම ඉස්සරහින් යන්නම්. මෙයාව මම දන්නෙත් නෑනේ" හෂිනි අන්තිමේ මම ඇරපු දොරෙන් කාර් එකට නැග්ගා.

ඉතින් ඔන්න ඔහෙ මමත් පිටිපස්සෙන් ඉදගත්තා. මෙච්චර වෙලා මේකිට අපි කිව්වෙත් ඕක තමයි. රෙද්ද

පොඩ්ඩ පොඩ්ඩ ac කාර් එකක් වුනත් මට දාඩිය දාන්න අරගෙන තිබ්බේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් වලට මෙහෙ සීතල වැඩි. එත් සතු අරන් ආව ලේදර් ජැකට් එක නිසා මට තද රස්නයක් ආවේ. සමහරවිට ඒ ජැකට් එක මට අපහසු නිසාද මන්දා. ඌ නම් ඒක ඇදන් හොදට ඉන්නවා. මම ජිවිතේ විදින්නෙම සීතලත් එක්ක නිසා මට මේක අපහසුයි.

"මේක රස්නෙයිනෙ."

"ගලවන්න එහෙනම්."

"පිස්සුද?"

"යටට එකක් ඇදලා නැද්ද?" සතු පොඩ්ඩක් හයියෙන් ඇහුවාම හෂිනි කට වහන් හිනා වෙනවා. ඒ මේකිට අමු කැවිලද බං.

"අරකිට උඹ මොකක්ද කිව්වේ උදේ."

"මම එයාගෙ ජොක්කු ප්‍රශ්න වල බේරුම් කාරයා කිව්වා."

❄ ශීත 🍻Where stories live. Discover now