15

587 99 40
                                    

"වහින්න වගෙ... දැන්ම නොගියොත් ට්‍රේන් එක මිස් වෙනවා ළමයි..." සරදියල් කියද්දි මමයි සනයි හිටියෙ වැව ගාව පාලම උඩ. මම ෆොටෝ ගහන්න එහෙන්මම ආසයි වගෙ නෙවේ. එත් මට හිතුනොත් fb profile එක මාරු කරන්න ඕනේ කියලා අන්න එදාට මම හොදම ෆොටෝ එක අරගෙන මිසක පස්ස බලන්නෙ නෑ. මෙහෙමයි පස්ස බැලුවත් වැඩක් නෑ ඒක ලෑටි පුකක්...

දෝණි සරදියල් අල්ලගෙන ෆොටෝ රැන්ඩම් විදියට ගහන්නකො, ගහන්නකො කියනවා. සැක් මට මගෙ ෆොටෝ එකක් ගහගන්න එකෙක් නෑ. අම්මත් වැව ලගට වෙලා සෙල්ෆි ගන්නවා. ටිකක් වටපිට බැලුවාම පාලමට හේත්තු වෙලා කොහෙද මන්දා බලන් ඉන්න සනාව මගෙ ඇස් දෙකට වැදුනේ එතනදී. පිටිපස්සෙ තිබ්බ මොනවද මන්දා කහ මල් පාත්ති එක්ක ඒ ලොකේශන් මගෙ ෆෝන් එකෙ ලස්සනට පේනවා. ඒ වගෙම එයත්.

මම මිනිස්සු කියවන්න දක්ෂ නෑ. එයාලා දුකින්ද, සතුටින්ද, තරහෙන්ද කියන්න මට තේරෙන්නෙ නෑ. මට ගොඩක්ම යාලුවෝ නැති වෙන්නත් හේතුව ඕක. මට එක පාරක් ලොකු ලයින් දාලා මිස් කරොත් ආයෙ මම පැත්තවත් බලන්නෙ නෑ. එත් මේ ටයිම් එකෙ දුර බලන් ඉන්න සනාව මගෙ ෆෝන් එකට වැදුනාම මට හිතුනා එයා මොකක් හරි ලොකු අවුලක වගෙ. එත් අහන්න තරම් අපි ළඟ නෑ.

අහස දිහා බලාගෙන අතක් නිකටට තියන් එයා බලන් ඉන්නවා. කකුලත් අඹරලා පාලමට තියන් ඉන්නෙ. නිකන් ටැමිල් ඇක්ටර් කෙනෙක් වගෙ. ලාවට එන ඉර එළියට එයාගෙ හම දිලිසෙනවා. ඒ ඇස් වලින් පෙන අහස මට මාරම ලස්සනයි අද... ශීයා ටෂි උඹට ඇස් දෙකක් තියෙනවා වෙන ඌන්ගෙ එවා

"සනා..."

"ම්ම්ම්ම්..."

"රැන්ඩම් ලූක් එකකට ෆොටෝ එකක් ගනින්කො... fb profile එක චෙන්ජ් කරන්න ඕනේ." මම හිනා වෙලා කොහෙද ලෝකෙක අතරමන් වෙලා හිටිය සනාව මේ ලෝකෙට ගෙනාවා. ඌ වට පිට බැලුවා. ඉන්න එත් ඇයි?

"යමු ප්ලේස් එකක් තියෙනවා..." අදුරු වෙලා වගෙ තිබ්බ මූණ හිනාවෙන් පිරිලා ඌ ඉස්සර වුනාම මමත් ඒ පස්සෙ වැටුනා. ඒත් මෙතන හොද නැද්ද? ඒ ෆොටෝ එක එච්චරම ලස්සනයිනෙ. මම සනාගෙ ගත්ත ෆොටෝ එක දිහා බලලා හුස්මක් උඩට ගත්තා.

"ටෂි අතනට පලයන්. උඹේ කලර් එකත් එක්ක මේ වගෙ තැන් සුපිරි..." මම ෆෝන් එක දෙන්න හැදුවත් සනා ඌගෙ සාක්කුවෙන් ඌගෙ ෆෝන් එක එළියට ගත්තා. ඒක නිකන්ම නිකන් ෆෝන් එකක් නෙවේ අයි පෝන් එකක්. මගෙ වගෙ වීවෝ එකක් නෙවේ සුපිරියක්. එත් මූ මේ කාලේ පුරාවටම ඔය ෆෝන් එක එළියට ගත්තෙ දැන්. මට ආයෙත් මගෙ ෆෝන් එක සාක්කුවට දාගත්තාම සනා මං ගාවට ආවා.

❄ ශීත 🍻Where stories live. Discover now