95

464 87 105
                                    


"ටූන..."

"ම්ම්ම්..."

"සීතලයි..." සතූගෙ අත නිරුවත් මගෙ පපුව උඩ එහාට මෙහාට යද්දි එයාගෙ කෙදිරිල්ලත් මාව නිවැරැදි මයින්ඩ් එකෙ තියන්නෙ නෑ. තමන් ආදරේ කරන මනුස්සයා ළඟ නම් ඉන්නෙ, උඹයි, ඌයි විතරයි නම් තව ඉන්නෙ. හදහන් බලලා වැඩක් නෑ මට නගිනවා. එත්

"කෙදිරිගාන්නෙ නැතුව ඉන්නවා සතු... මාර කරච්චලයක්නෙ..."

"තමුසෙ එක්ක ලව් කරන මට ගහන්න ඕනේ."

"මෙන්න මෙහෙ තුරුල් වෙලා නිදාගන්න එනවා. මගුල් අවුස්සන්න හදනවා." මම සතූව තවත් තදින් බදාගත්තා. එයාගෙ කකුල හොදටම ඉදිමිලා. සමහරවිට ඒක මාස 3ක්වත් යයි සනීප කර ගන්න. ඒත් එහෙම වෙලත් මගෙ හිත මාවත් පාගගෙන අමුතු අමුතු ක්‍රියාපද හිතට දානකොට මට ඉවසන්න ගොඩක් අමාරුයි.

"ඔය කොහෙද යන්නෙ."

"අමතක වුනා මම බියර් එකක් ගෙනාවා කලින්."

"ආ... එකත් හොදයි..."

"ම්ම්ම්..." ෆ්‍රීජ් එක ළඟ නැවතිලා මම කූල් ලයන් බියර් දෙකත් අරගෙන ඇදට පැන්නා.

"සතූ සීතලයි කිව්වා නේද? කෝ රෙද්ද ඔතා ගනින්... " මම තිබ්බ බෙට්ෂිට් එකෙන් සතූව රෝල් කරලා හොද හුස්මක් ගත්තා. මොකො මට ලාදුරු තියෙනවා කියලද? මූ මේ ඔක්කොම එළියෙ දාන් ඉන්නෙ.

"තමුසෙ බය වෙලාද?" ගහෙන් ගෙඩි එන්න වගෙ සතූ එහෙම ඇහුවාම මම ඌ දිහා බලන් හිටියා.

"මොකක්ද?"

"බය වෙලාද?"

"ඇයි මම..."

"නිකන්... මෙන්න මේක කඩලා දෙනවා.."

"තමුසෙ කරගන්නවා කකුලනෙ රිදෙන්නෙ අත නෙවේනෙ..." මට දිග් කරපු බියර් බෝතලේ ඌ පැත්තට තල්ලු කරලා මම මගෙ බියර් බෝතලේ කටේ ගහගත්තා. එක හුස්මට මම බියර් එකෙ බාගයක්ම බීලා ගියෙ හිත යටින් සතූගෙ රූපේ එන්න එන්න රාගික විදියට පේන නිසාමයි. ලිංගිකත්වයක් කොච්චර ඕනේ වුනත් දෙවෙනි පාර්චවයෙ සුව සිද්දිය සලකා බැලිය යුතුයි කියලා මමම ලිව්ව මගෙ ආර්ටිකල් මතක් වෙනවා. එත් බං මේවා ආර්ටිකල් වලින් ඉවර කරන්න පුලුවන් දේවල් ද?

❄ ශීත 🍻Where stories live. Discover now