94

444 88 131
                                    

වෙච්ච දේවල් අතීතේ කියලා ඒකට පිටුපාන්න පුලුවන් වුනා නම් අර සතු කියනවා වගෙ මේක නවත්තලා පැත්තකට වෙන්න තිබ්බා. මගෙ නරක හීන බහුතරේකට ඒක විසදුමක් නොවුනත් මට ඉවසන්න පුලුවන් වෙයි.

මම කැළණියෙන් ඩිග්‍රී එක ගත්ත දවසෙ ඉදන් මගෙ ජිවිතේ ආයෙත් නැගිට්ටා වගෙ තේරුනා. අවුරුදු 3ක් ඒකට යට කරලා ඉද්දි නොදැනුවත්වම මම ඕනේවට වඩා පරාසෙකින් ජිවිතේ දැක්කා. ඒ නිසාමයි මේ සිද්ධි දාමේ මට වද දෙන්නෙ. මොකද මම අත්තරින්න අකමැති දේවල් සංයෝගයක් මෙතන තියෙන්නෙ.

"ටූන... ටූන..." ඔලුවේ දාහක් දේවල් තියෙද්දි සතු මගෙ ලග ඉදන් කෑ ගහනවා ඇහෙනවා. මම හීනෙන් නෙවේද ඉන්නෙ. මම නිදිමරගාතෙන් වගෙ දැනෙන්නෙ.

"..ම්..."

"සාදීව ඇරෙස්ට් කරලා. මැණිකෙ අක්කා එක්ක, චූටි නැන්දා එළියෙන් ඉන්නවා කියලා ආරංචිය ආවේ." ෆෝන් එකත් අතට තට්ටු කරන ගමන් සතුර්ක එහෙම කිව්වාම මම පිටිපස්සෙ ඉන්න කොල්ලා දිහා බැලුවේ.

"කවුද කිව්වේ."

"බේබා කෝල් කරලා කිව්වේ දැන්. දැන් ටිකකට කලින් සීන් එක වෙලා තියෙන්නෙ. උඩුපුස්සැල්ලාවම ගිනි අරන්."

"නිකන් හරි වැරැද්ද එතන නෙවේ නම් අපිට තමයි රෙවෙන්නෙ" මටම කියවුනේ මෙච්චර කාලයක් හිතේ තිබ්බ බයානක හැගීමක්.

"උඹ ඉතින් හැමදේම අඩමානෙන්නෙ හිතන්නෙ. මරණේ කවුරු කරත් ඕකුන් සම්බන්දයි." සතූ එහෙම කියන ගමන් මගෙ කරේ එල්ලුනා.

"ටූන..."

"ම්ම්ම්..."

"කිස් එකක් වත් දෙනවා... මට මහන්සි.." කිසිම ලැජ්ජාවක් නැතුව පිටිපස්සෙ නොදන්න එකෙක්වත් තියන් අහන්නෙ.

"සතූ එහාට වෙනවා.."

"ඇයි? මට බෑ... මට ඕනේමයි... කොල්ලො ඇස් පියාගනින්."

"එහාට වෙනවා සතූ... පිස්සෙක් වෙන්න එපා."

මම කාර් එක එලවන ගමන් හිටියෙ. ඒ එක්කම සතූ මගෙ උරහිස්සට කිස් එකක් දීලා මගෙ කම්මුල් මිරිකුවා.

"හුරතලේ වැඩිම ලැජ්ජා වෙද්දි..."

"ඒක ඇත්ත..." පිටිපස්සෙ එකාත් ලැජ්ජාවක් නැතුව කියද්දි කවදා කාපු කටුද බං මේ රස කර කර කන්නෙ.

❄ ශීත 🍻Where stories live. Discover now