44

488 96 78
                                    

"ඕයි... අපි මේ බෑග් උස්සන්ද දැන් ඔය යනවා කිව්ව මාලිගාවේ යන්නෙ." කඩේකින් අරු පැෂන් ජූස් එකක් මට උස්සන් එද්දි හොදටම හති වැටිලා හිටිය මම ඇහුවා.

"නෑ නෑ අපි මාමාගෙ දිහා ගිහින් ඕක දාමු. උඹ නිකන් අපේ අම්මා වගෙනෙ නිතරම ප්‍රශ්න."

"තොට මාව ගෑණියෙක් වගෙද දැන් පෙන්නෙ."

"පපුව පොඩ්ඩක් ඉස්සරහට ආවා නම් හැබැයි සලකලා බලන්න තිබ්බා. කියුට් මූණක්නෙ තියෙන්නෙත්."

"හු&ගන්නෙ නැතුව ආතල් නොගෙන හිටපන්..."

"ඕයි ඕයි මේ මාළිගාවට යන්නෙ."

"ඉතින්..."

"පරුෂ වචන හොද නෑ..." කට්ට අවුවක වේලි වේලි බයික් එක පැදලා හොදටම හති වැටිලා තියෙද්දිත් ආත භූත කෙලිනවනෙ. ඌගෙ අම්මගෙ පපුව ගැන විස්තරේ දෙන්නෙ නැතුව මාවම කන්ට්‍රෝල් කරගන්න පුදුම ගේමක් දුන්නෙ.

"ටූන... උඹ ට්‍රැවල් කරන්න ඉගෙන ගන්න ඕනේ. කට්ට අවුවේ කකුල් පිච්චි පිච්චි එවරස්ට් නගින තරම් ගට් එකක් ගන්න ඕනේ. නැතුව මෙහෙම කේන්ති අරන් දේවල් කරන්න බෑ." මම බිබී හිටපු බීම එකෙ බටෙන් කට ගහලා ඉතුරු වෙලා තිබ්බ ඔක්කොම ජූස් ටික ගහලා දාන ගමන් ලැජ්ජාවක් නැති එකා මට කියන්නෙ.

"තෝ සොම්බියෙක්ද? කට ගහපුවා බොන්නෙ."

"උඹේ දේට කට ගැහුවත් මොකො බං. අපි බොක්කේ ෆීට් එකක්නෙ."

"කිව්වා කියලා හිතාගනින්. ගෙදරට වෙලා ආර්ටිකල් එකක් ලියනවා මීට සැපයි."

"මැඩියෙක් වගෙ ලිද ඇතුලෙම ඉන්න එපා බං. නැගිටලා වතුර ගසලා එළියට වරෙන්. කුමාරියක් කිස් එකක් දීලාවත් කුමාරයෙක් කරන්න ඇතැ."

"ගෙම්බා ඉන්න ආස වතුරේ තමයි. අනික වතුර ගසලා ගොඩට එන්න ඌ බල්ලෙක් නෙවේනෙ... මැඩියෙක්."

"හරි බං උපකල්පනේ කරපන් ඌ වතුර ගසනවා කියලා."

"උපකල්පනේ කරන්න නම් හරි විදියෙ පරික්ෂණයක් තියෙන්න ඕනේ"

"අනේ මේ ඕයි ඒක අමතක කරලා කිස් එක හිතපන්"

"අනේ ඕනේ නෑ... උඹට කිස් මාන්දම ගැහුවට මට ඒ මාන්දම 10දීම හොද වුනා. යනවා නම් යමන්."

❄ ශීත 🍻Where stories live. Discover now