84

473 86 112
                                    

තියටර් එකෙන් එළියට ඇවිත් තරහාකාරයෝ දෙන්නා කොහොමද එක බයික් එකෙ යන්නෙ කියන ප්‍රශ්නේ නැගෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.

"හේ... දැන් උයලා කන්න කොහොමත් ටයිම් නැති නිසා යමුද හොග්වෝස්ට්."

"පොඩි කාලේ ඉදන් තිබ්බ උණක් ඔය." දෝණිව පෙන්නලා සරදියල් මා ගාවට එද්දි මමත් කට පියන් හිනා වුනා.

"ඕකිට හොග්වෝස්ට් නෙවේ ජෝනි සින්ස්ගෙ ඉස්කෝලේ යවන්න ඕනේ." අපි දෙන්නා ලගට ආව සතු එහෙම කියද්දි දෙන්නම ගැස්සිලා ඒ දිහා බැලුවා.

"සනා... මේ උඹමද?"

"ඇයි නෑ වගෙද?"

"එයා ඔය ශේප් වෙන්න එන ගමන් සරේ... නැත්තම් ඕකා දන්නවා හිර වෙච්ච වීල් එකෙ යන්න වෙනවා කියලා."

"ඔව් හැබැයි මගෙ පුකෙත් භාගයක්ම එළියෙ තිබ්බේ." සරදියල් පුක අල්ලලා කියද්දි මම සතු දිහා බැලුවා.

"මොකද කියන්නෙ යනවද?" දෝණි ආයෙත් අම්මා, අප්පච්චිගෙන් පර්මිෂන් අරන් අපි ගාවට ආවා.

"සුදු කොහොමත් ඔයා ඕකට යනවාම නම් ඇයි අපෙන් යනවද අහන්නෙ."

"තමුසෙට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ. මෙන්න මෙහෙ එනවා..." දෝණි සරදියල්ව ඇදන් යද්දි සතුයි, මායි ඉතුරු වුනා.

"කොපි කල හැක, සම කල නොහැක." මම සතුට කියලා බයික් එකට නගින්න හැදුවේ.

"උඹව සම කරොත් මාස්ක් එකක්වත් දාන් මට මේ ලංකාවේ ඇවිදින්න වෙන්නෙ නෑ." සතු පිටිපස්සෙන් ඉදගෙන හෙල්මට් එක දාගෙන මගෙ ඉණ අල්ල ගත්තා.

"ටූන..."

"ඕඕඔ..."

"පත්තරේ වැඩේ ලීක් වෙලා දැක්කද?"

"මොන..."

සතු මගෙ අතට ෆෝන් එක දීලා ස්ක්‍රීන් එක පෙන්නුවාම දැක්කෙ. ට්‍රේන් එකෙ අපේ සංවාදේ එහෙන් පිටින්ම ලංකාවේ fb page එකකින් දාලා. රිච් එක හෝ ගාලා නගිනවා. මම ඒත් සතු දිහා බැලුවා.

"මම නෙවේ..."

"ශුවර්ද?"

"මෙහෙමයි... මම දන්නෙ නෑ."

"මම කිව්වා නේද ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඉමු කියලා"

"ටූන... එතකල් හිටියොත් ඔයාගෙ නම කැත වෙනවා. ඉතින් දැන් ඔයාට හෙට ගිහින් සේවක අයිතිවාසිකම් නඩුවක් දාන්න පුලුවන්. මේක නිර්නාමිකයි."

❄ ශීත 🍻Where stories live. Discover now