02

1.2K 144 40
                                    

පූර්ණා මම හිටපු කෝච්චි පෙට්ටියෙන් එහාට යනවත් එක්කම මම එළිය බලාගත්තා. ඇයි මම අපතයෙක් වෙන්නෙ... සමහරවිට ඒක ජාන වලින්ම එනවා ඇති.

"උඹ තාම මෙතන මොකද? වරෙන් ස්ටේශන් 2ක් විතර තියෙනවා ඇලට් එකක් දාන්න..." සරදියල් ඇවිත් නිදි මර ගාතෙන් කියන්නෙ හචිස් එකත් අරගෙනමයි. ඔව් ඉතින් මූ හැමදාම උදේට මූගෙ ප්‍රථම රාජකාරිය ඕක.

"බෑ බං... දැනටම මාව ගල් වෙලා වගෙ..."

"පට්ටිපොළදි මොන බූරුවද එළියෙ ඉන්නෙ..."

"මම ආසයි ගල් වෙන තරම් සීතලට..." මම හිනා වුනා. රුවන් අයියා කොච්චර සිහි විකල් අජපල් මිනිහෙක් වුනත් ඌට මම හරි ආදරේයි. ඒ නිසාම වෙන්න ඇති ඌයි, මායි නිකන්ම නිකන් මස්සිනාලා දෙන්නෙක් නොවි සහෝදරයො දෙන්නෙක් වුනේ...

"බලපන් බල්ලෝ තෝ සීතල ගලක් වගෙ" මගෙ අත අල්ලලා ඌ කියද්දි හැබැයි මටත් ඌගෙ අතේ රස්නේ තදටම දැනුනා.

"අපි බණ්ඩාරවෙල යන්නම ඕනේද බං..." මම ආයෙත් සරදියල් ගෙන් ඇහුවේ ලොකු හුස්මක් ඇදලා එළියට විසික් කරලා දැන්මා.

"උඹ මොකකට හරි බයද? උඹේ පරම්පරාව නෙවේද යකෝ ඔය ඉන්නෙ."

"උඹට පේනවද මේ පරම්පරාව එක්ක මම හොදින් ඉන්න පාටක්... බුවැක්කා... අසික්කිතයි ඕයි.." මම කියද්දි අම්මා වොශ් රූම් යන්න එළියට ආවා.

"උඹට කවදද පුතෝ මගෙ මිනිස්සු හොද වුනේ. උබට ඕනේ උඹේ හැතිකරේ එක්ක රිංගන්නනේ... උඹ මගෙන් අහගන්න එපා ටෂි මේ මිනිස්සු ඉස්සරහා." මම මුකුත්ම නොකියා අහක බලාගත්තා. කොච්චර වාද කරත් අපේ පැත්තේ නෑ කියලා මෙයා දේන මැසෙජ් එක ඔලුව පුරාම ඇදිලා ඒක කියවන්න මට එපා වෙලා...

අම්මා වොශ් රූම් එකට ගිහින් ආයෙත් මගෙ දිහා රවලා බලලා ඇතුලට ගියා.

"ඔවා ගනන් ගන්න එපා බං..."

"මම ගනන් ගන්නවා නම් මේ ට්‍රේන් එකෙන් පනිනවා බල්ලො..."

"ට යකෝ පනින්න එපා... තොගෙ දෝණි මාව ගෝනියක දායි... කොහොමත් එක දවසනෙ ඔය අට මගලේ ඉන්නෙ..."

"ම්ම්ම් ම්ම්ම්..." මම ආස නෑ බණ්ඩාරවෙල ඉන්න මගෙ පරණ යාලුවෝ හම්බවෙන්න ඇත්තම කාරණේ එක... අසික්කිතයි....

❄ ශීත 🍻Where stories live. Discover now