61

680 115 91
                                    

වචනයක්වත් කතා නොකර සතුට පුලුවන් වුනා මේ කාලේ පුරාම ඉන්න. කාර් එකම පාළුවට ගිහින් කියලා දැනුනෙ.

"ඔය දෙන්නා ඇයි සද්දයක් නැත්තෙ." නුවරඑළියට කිට්ටු කරද්දි හොදටම හවස් වෙලා තිබ්බා. ඒ වෙලත් අපි දෙන්නම ගොළුවො වගෙ දෙපැත්ත බලාගෙන ඉන්න.

"එහෙම නෑ නේද සතු.." මම ඌගෙ අත ඇල්ලුවත් ගසලා දාලා එහාට වුනා.

"ඕහෝ... දෙන්නා තරහා වුනේ මොකටද?"

"මුකුත් නෑ පොලිස් නෝනේ  ඔන්න ඔය කාර් එකක් තියෙන්නෙ එතනින් මාව ඩ්‍රෝප් කරන්න." මම පාර බැලුවාම රසල් ඉන්නවා කාර් එක ඉස්සරහා කලු සූට් එකක් ඇදගෙන.

"ඔහෝ... ඔයා බහිනවද?"

"ඔව් ඕනේ නම් කේස් එක ගැන කතා කර ගන්න ඔයා පිටිපස්සට එන්න." මෙච්චර කේන්තියක්. මේකිට මාව දීලා යන්න තරම්. යකො මම අහවල් මගුලක් කරාටද ඒ..

"මමත් එන්නම්..." මම ඉක්මනින් කාර් එකෙ දොර අරින්න හැදුවත් මූණට දමලා ගහන්න වගෙ දොරත් වහලා ඌ පිඹලා යන්න ගියා.

"මේක ගවමන්ට් එකෙ..." මෙච්චර හරියක් වෙලා තියෙනවා මේ උට්ටි කාර් එක ගැන වද වෙනවා. මල පැනලා තියෙන විදිය දැක්කම යාලුකරගන්න හෙන ගේමක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ.

"ඔයාගෙ යාලුවට මොකක්ද අර වුනේ "

"මම ඌගේ බාප්පද මගෙන් අහන්නෙ."

"ඔය දෙන්නා ජෝකා..." අරකි කට ඇරියා විතරයි මම ඒකි දිහා බැලුවා

"ඔව් ජොකා ගිය නිසා දැන් මම සිවිල්. මොකක්ද ප්‍රශ්නෙ."

"හේයි මම පොලිසියෙන්."

"මම විහිලු කරන්න හොද මූඩ් එකක නෑ. අද පෝයනෙ පිලිස් ඉක්මනින් යමු." මම අරකිට කියලා අහක බලාගත්තා. 

වැලිමඩට ඇවිත් හෂිනිලගෙ ගෙදරට කාර් එක දැන්මා විතරයි මම ගරාජ් එකෙන් බයික් එක අරන් ඒකට නැග්ගෙ.

"තුහින... අපි කතා කරන්න ඕනේ නැද්ද?"

"දැන් මට මූඩ් එකක් නෑ."

"ඇයි ඔයාගෙ යාලුවාට එහෙම වුනේ. අර ගර්ල් එයාගෙ එක්ස් ද?"

"ඇයි?"

❄ ශීත 🍻Where stories live. Discover now