28

588 93 77
                                    

"ටූන නැගිටින්න... අපිට පරක්කු වෙනවා."

"මට නිදිමතයි."

"ටූන මිනිහෝ නැගිටපන්. අපිට පරක්කු වෙනවා."

"මොකටද?" දැන් නම් කේන්ති ගියා. මිනිමරු නින්දක් තියෙන මං වගෙ මිනිහෙක්ගෙ නින්ද කැඩුනොත් දවසෙම ඒ මුස්පේන්තු ගතිය අල්ලනවා. එහෙව් එකෙ මූ මාව මෙහෙම අලියා පාගනවා වගෙ ඇග උඩ ඉදන් බෙරිහන් දෙද්දි කොහොමත් නින්ද යන්නෙ නෑ. එක්කො මම මූව මරලා හිරේ යනවා. එහෙදීවත් නින්දක් හම්බෙයිනෙ.

"ඉක්මනින් යමුකො.."

"කොහෙ යන්නද බං තාම පාන්දර 5යි. උඹ මිනි මස් කනවද බං මෙච්චර උදේන් නැගිටින්නෙ." නිදි මත විකාරෙන් මම කියවන ඒවා මමවත් දන්නෙ නෑ.

"ටූනාවෝ... අපි යමුකො එළියට... කෝ මේ ඇදුම් හදාගෙන නැගිටින්න." මම බ්ලැන්කට් පෙරවන් නිදාගත්තට ඒවා කොහෙවත් මම කොහෙවත්. ඒ මදිවට මගෙ ඇදුම කොහෙවත්. අරු මගෙ ෂර්ට් එක යටට කරා. ලෑලි බඩ වැහෙන්න.

"යමන් යමන්. උඹ නම් අනේමන්දා නිදාගන්නවත් දෙන්නෙ නෑ.."

සනා මාව ඇදගෙන එළියට ගියා. පිටිපස්සට වෙන්න තියෙන මැටි වලින් හදපු කුස්සියට ගිහින් සනා මොනවද හදනකොට මම එළියට වෙලා බලාගෙන හිටියා.

"ඇතුලට එනවා.. කිව්වේ නැද්ද සීතලේ ඉන්න ඕනේ කියලා."

"මම කිව්වේ නැද්ද මට උඹ එක්ක ඉන්න ඕනේ නෑ කියලා."

"අයියෝ ටූන කියන දේ නෙවේනෙ හිතන්නෙ." මූ ගංජා ගහලද? කවදද මම නොහිතපු දෙයක් කිව්වේ.

"නෑ මම කියන ඔක්කොම හොදට හිතලා කියන්නෙ."

"අනේ මෙන්න මෙහෙ එනවා." මගෙ අතින් අල්ලන් කුස්සියට ඇදලා අරගෙන එතන බංකුවකින් මාව වාඩි කරව ගත්තා.

මම මේ ගෙදරින් ආසම මේ කුස්සියට. අර පොඩි කාලේ කතා පොත් වල තියෙන්නෙ රූප ඇදලා අම්මා එක්ක කතා කර කර ඉන්න ලමයිව. ඒ විදියටම ගැලපෙනවා. හිතන්නකො මිනිස්සුන්ට චිත්‍රයක් විදියටම ඉමේජින් කර ගන්න පුලුවන් තැනක්. උයන ලිපේ දුම උඩට යන්න දුම් කවුළුවක් දාලා. පැන්ටි කබඩ් නෑ මෙතන මැස්සක් වගෙ එකක තමයි ඔක්කොම වලන් අහුරලා තියෙන්නෙ. දුම් කවුලුව පටන් ගන්න තැනට වෙන්න පොඩි අඩයක් දාලා එතනින් දර අඩුක් කරලා. පොල් හනසු, තේ කෝටු මෙයාලගෙ ෆේවරිට්. මේක ඔක්කොම මැටියෙන් තිබ්බේ එයාලා මේසයක් වගෙ එකක් පොළවටම එකතු කරලා හදලා. ඒ නිසාම එළියට වඩා මෙතන සීතලක් දැනෙනවා. එත් මම ආසයි.. මෙයාලට වෙනමම කුස්සියක් ඇතුලේ තියෙනවා. මම හිතන්නෙ මේක තියෙන්නෙ දැලි එක්ක සෙල්ලමට තමයි. සනා ලහි ලහියෙම කේතලේ මැටි ලිපෙන් තිබ්බේ ඉක්මනින්ම ලිප ගිනි මොලවලා. එක්කො මම හිතන්නෙ මේක යූස් කරන්නෙ සනා විතරයි.

❄ ශීත 🍻Where stories live. Discover now