102

407 84 121
                                    

මම දැන් දන්නෙ නෑ මොකක්ද කරන්න ඕනේ කියලා. මොකද මම එක තැන හිටියොත් සර්පයෙක් ඇවිත් මාව වගෙම මගෙ මුලු පවුලමත් විනාශ කරනවා. එත් මම ඉන්නේ හතරමන් හංදියක. 

"ටූන... ටූන බඩගිනි..."

"ගෙදරට ලගයි."

"දැන් උඹ කියන්නෙ දෝණිගෙ කෑම කන්න කියලද? මෙච්චර බඩගින්නක් තියාගෙන."

"උඹම නෙවේද ඒවා රසයි කියලා කියන්නෙ."

"ටූන... ඒ මිනිහෙක්ගෙ හිත කඩන්න බැරි කමට. අනික උඹ එහෙම දමලා ගහලා කියනවා වගෙ මට කියන්න පුලුවන්ද?"

"එහෙම කිව්වා නම් එකි උයන්න ඉගෙන ගන්නවා."

"එකත් නිකන් කොච්චර චොර කරත් උඹ නාන්න කම්මැලි වගෙ ටූන. මේ කපේට වෙන්නෙ නෑ... ඒ උඹේ අක්කා ටූන අක්කා."

"ඉතින් ඇයි ඌරෙක් පස්සෙ වැටිලා ඉන්නෙ..."

"මම ඒ කාලේ ඉදන් ඌරු මස් වලට ආසයි..."

"එත් මම හරක් මස් වලට ආස නෑ."

"ඒකනේ ටූන උඹ මම වගෙ කගවේනෙක් කන්නෙ නිතරම... පෙන්නෙ නෑ පාරවල් හිටින්නම කන්නෙ. කගවේනට චූ කරන්නවත් බැරි වෙන්නම..."

"උඹ ඔය ඩබල් මීනින් කියවන එක කවදද නවත්තන්නෙ."

"ඒක ඩබල් මීනින් කියන්න බෑ... ඕන සිම්පන්සියෙක්ට තේරෙනවා."

"බැහැපන් අපි ගෙදර..."

"ටූන මට බඩගිනි..."

"ඉතින් ගෙදර ගිහින් කමු"

10ත් පහු වෙලා තිබ්බ ඔරලෝසුවක අපි වෙනුවෙන් කෙනෙක් බලන් ඉදි කියලා විශ්වාසයක් තිබ්බේ නෑ. එත් මම කාර් එක පාර්ක් කරලා බැස්ස ගමන් එළියෙ බෙන්ච් එකට වෙලා හිටිය අප්පච්චිගෙ මූණ මම දැක්කා. හෙම්බත් වෙච්ච වයසක මනුස්සයෙක්ගෙ හිත නිවන්න වගෙ හිනාවක් අපිට දුන්නේ.

"මාමා මොකො එළියෙ..."

"පුතාලා එනවා කිව්ව නිසා." සතූ ගිහින් අප්පච්චි ගාව නතර වෙද්දි සතූගෙ ඔලුව අත ගාන ගමන් අප්පච්චි එහෙම කිව්වේම මගෙ දිහාවට ඇස් අරගෙනයි.

"අප්පච්චි අපි අරක..."

"ටෂි... ඇග සෝදන් පහලට ඇවිත් කන්න."

❄ ශීත 🍻Where stories live. Discover now