66

586 104 98
                                    

ඒ ඩොක්ට ගාවට මමයි සතුයි ගියාම කිසිම අවුලක් නෑ වගෙ හිනාවෙලා පිලිගත්තෙ.

"ලක් රූ ආයෙත්."

"ඩොක්ට... මේ රුවන් ගෙ මස්සිනා... මම හිතනවා ඩොක්ට සිද්දිය ගැන එයා එක්කත් ඩිස්කස් කරන්න ඕනේ කියලා."

"ඕකේ... එත් මම හැමතැනටම දැනටම කියලා තියෙන්නෙ ලක් රූ..." මගෙයි, අරුගෙයි පස්සෙන් මහනාම අන්කලුයි, අර ඩොක්ටයි ඇතුලට ආවා.

"එතකොට මේ අය."

"මම දන්න අය." මම ගොරෝසු හඩකින් කිව්වාම ඩොක්ට මගෙ දිහා බැලුවේ අඩමානෙට.

"එත් මේ වගෙ සිද්දියකට ප්‍රවසි එක ඕනේ නෙවේද?" ඩොක්ට කාරයා පොඩ්ඩක් කලබල වෙලා අහද්දි මම ඉස්සරහට ආවා.

"මෙයාලා හැමදේම දන්නවා. ඔයා කියන්න දැන්. ප්‍රවසි එක නිසාම ඔයාගෙ ප්‍රේශන්ගෙ ජිවිතේ දැන් තියෙන්නෙ කොතනද කියලා ඔයා දන්නවා.."

"මොකක්ද මේ වෙන්නෙ. මගෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද මේක. ඔයාලගෙයි වැරැද්ද. මම ඔයාලා ඔක්කොටම මේ ගැන දැනුම් දුන්නා."

"මම හිතන්නෙ මම තමයි මෙතනට රුවන්ව ට්‍රීට්මන්ට් වලට දැන්මේ. එහෙම වෙලත් එයාගෙ සෞඛ්‍ය තත්ත්වේ ගැන මාව නෙවේද දැනුවත් කරන්න ඕනේ. ඩොක්ට කෙනෙක් වශයෙන් ඔයාට පුලුවන්ද මෙච්චර කෙයාලස් වෙන්න." මම මිනිහගෙ ඇස් දිහාම බලාගෙන කිව්වා

"පොඩ්ඩක් ඉන්න... මේ පවුලෙම අය මගෙන් ට්‍රීට්මන්ට් කරගන්නෙ. එහෙම එකෙ මම එයාලට දැනුවත් කරා. දැන් මාස 2ක්ම රුවන් ට්‍රීට්මන්ට් වලට ආවේ නෑ. මම ඒකත් දැනුම් දුන්නා."

මම අර ඩොකාගෙ මූණ දිහාම බලන් හිටියා. මට කේන්ති මූට කනේ පාරක් දෙන්න හිතෙන තරමට. මගෙ අත මිටමෙලවෙන වේගෙ එන්න එන්නම වැඩි වෙනවා.

"ඔයා සෞඛ්‍ය අංශ දැනුවත් කරාද?" එක්කන් ආව ඩොක්ට ඉස්සරහට ආවා.

"ඇයි මම..."

"ඇයි අහන්නෙ Schizophrenia කියන ලෙඩේ ගැන නොදන්නවා වගෙ අහන්නෙ. මේකෙන් මෙයා මැරෙන්නත් පුලුවන්, මිනිස්සුන්ව මරන්නත් පුලුවන්. එහෙම තියෙද්දිත්... ඔයා කොහොමද පවුල දැනුවත් කරා කියලා විතරක් කියන්නෙ."

❄ ශීත 🍻Where stories live. Discover now