78

489 99 95
                                    

"තාම දෝණි මේවා දැනගන්න ඕනේ නෑ කියලා ඔයා හිතනවද?" මමයි, සතුයි හිටියෙ නුවරඑළියෙ පිලිකන්නට වෙලා කොපි එකක් බොන ගමන්. අදුර එක්ක ජිවිත ගැටගහන රහසෙ ලව් කරන කොල්ලො දෙන්නෙක් පවුලෙන් බේරෙන්න මෙහෙම තමා දැන් ඉන්නෙ.

"ඔයා හිතනවද අපි කියන්න ඕනේ කියලා."

"මම හිතන්නෙ නෑ... දෝණි දැනගත්තොත් අවුලක් කරයි කියලා. එයත් මේකට සපෝර්ට් කරයි."

"ඒක මම එදාම කියන්න හිටියෙ. එත් පූර්ණා මට කිව්ව දෙයින් පස්සෙ මම අදහස වෙනස් කර ගත්තා."

"එකි මොනවද කිව්වේ."

"දෝණි ඉන්නෙත් සයිකැට්‍රිස් කෙනෙක්ට පෙන්නන්න ඕනේ තැනක."

"මොකක්... ඒ කියන්නෙ දැන් අපේ පවුලටම පිස්සුද?"

"උඹ වගෙ එකෙක් ඇතුලෙ ඉද්දි ඕක සාමාන්‍යයයි."

"ජෝක් නෙවේ බල්ලො... කියපන්කො ඇයි ඒ?"

"දරාගන්න බැරි පීඩනයක් නිසා. මේ ළඟදි ඉදන් දෝණිට සිහිකල්පනාව නෑ. මතකයක් නෑ ඕවා ඇත්තටම දරාගන්න බැරි පීඩනේකින් එන ඒවා."

"ඉතින් මොකක්ද කරන්නෙ. ඔයා හිතනවද අපි දෙන්නට මේක විසදන්න පුලුවන් කියලා. දෝණි වෙන්න ඕනේ එකම කෙනා රුවන් අයියට දැන් ඕනේ. උඹවත් මමවත් නෙවේ. රුවන් අයියා දෝණිට ආදරේ කරපු තරම් මම හොදට දන්නවා."

"මොකක්ද?"

"ඇයි?"

"උඹ කොහොමද දන්නෙ."

"එයාලා නුවරඑළියෙ ජිවත් වුනානේ ටූන... සුදු නෝනාට මේ පවුලෙම ආදරේ ඕනේවටත් වඩා ලැබුනෙ පුංචි එකෙක්ව වගෙ රුවන් අයියා පරිස්සම් කරපු නිසා. පොඩි අසනීපෙටත් එයා කලබල වුනා. සුදු, සුදු කියලා පස්සෙන් ගිහින්. එත් රුවන් අයියට පරම්පරාවේන් ආපු දායාදෙ නිසා එයාට ඇණ කොටා ගත්තත් එක අතක් දෝණිට ඉස්සුවෙ නෑ."

"නියම පිරිමි එහෙම තමයි ලව් කරන එකාට අත උස්සන් නෑ..." මම කාතාවට කමාවක් තියලා කෝපි එක බොන්න ගත්තා.

"හින්ට් ගහන්න එපා... එකම පාරයි අත ඉස්සුනේ... රෙද්ද?"

"එක පාරක් හරි ඉස්සුනානේ."

"ටූන උඹව මම මරනවා."

"දැන් ඉතින් ගහලා ඉවරනෙ." මම බිම බලාගත්තා. මගෙ මස්සිනා දාහකින් හොයාගන්න බැරි කේක් බව මම කලින් ඉදන් දැනන් හිටියා. ඒ මිනිහා වගකීම් ඔලුවට අරන් කරපු විදිය, පොඩ්ඩක් මෝඩ, සිහියක් නැති, මන්දගාමී වුනත්. මිනිස්සු කාටවත් ෆර්ෆෙක්ට්ම වෙන්න බෑ. එහෙම මිනිහෙක් තමයි අද මෙහෙම ඉන්නෙ. එයාට වෙනමම කොලිටිස් තිබ්බා. මේ භූත බංගලාවට අපිට අඩිය නොතියා ඉන්නත් තිබ්බා. එහෙම වුනා නම් මගෙ අම්මා, අප්පච්චි කොහොම හරි මේ ලෙඩෙ හොයන් සනීප කරනවා. මේ වගෙ කුහකයෝ ගොඩක අපිව තනි නොවෙන්න තිබ්බා.

❄ ශීත 🍻Where stories live. Discover now