50

585 98 116
                                    

සමනලිගෙ මරන කටයුතු හැමදේම ගමේ මිනිස්සු එකතු වෙලා කරද්දි දවසින් හැමදේම ඉවර වෙලා ගියා. සනා ගිහින් සෙල්වි අම්මාව සනසද්දි මම පැත්තකට වුනා. මිනිස්සු සනසන්න තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක් ඒ දේ කරන එක ලොකු දෙයක්.

"ටෂි... සනා එක්ක කතා කරේ නැද්ද?"

"ඕනේ නෑ දෝණි..."

"ඔහොම පලිගන්න එපා.. ඌ ගියේ ඌට ඕනේ නිසා නෙවේනෙ." තේ වත්ත මැද්දෙන් දුවපු අඩි පාරේ හිටගෙන මම බලන් හිටියෙ සනා දිහා. එයා වෙනදා වගෙම අනික් මිනිස්සුන්ට කරුණාවන්ත මිනිහෙක්.

"එයා රට ගියෙම අපේ බැදීම කුඩු කරලා නම් ආයෙ බැදීමක් ඕනේ නෑ. මම ඔෆිස් යනවා. දැන් වැඩ ඔක්කොම ඉවරනෙ..." මම ආපහු හැරෙන ගමන් කියද්දි දෝණි හීල්ලුවා.

"ඉස්සර වගෙ මම බලකරන්නෙ නෑ... මොකද මගෙ බූලිට හැමදේටම හේතුවක් තිබ්බා. දෝණි නොදැන..."

"කවදා කොහොම වුනත් ඔයයි, අම්මයි, අප්පච්චි ඇරෙන්න කෙනෙක් මට හිටියෙ නෑ දෝණි... ඒ නිසා වුන දේවල් වෙලා ඉවරයි. ඉතින් ඔයාටම වැරැද්ද දා ගන්න එපා. තනියම විදවන්න තීරණේ කරේ මම නිසා." මම ආයෙත් සෙල්වි අම්මාගෙ ගේ දිහා බලලා උඩට එන්න කකුල තිබ්බා.

"ටෂි මල්ලි..." මැණිකෙ අක්කා පල්ලෙහා ඉදලා කෑ ගහද්දි මම ආයෙත් ඒ පැත්තම බැලුවා. සනා ලගම හිටිය නිසා සනාගෙ ඇස් මගෙ මතට වැටෙන්නෙ නැති බව දැක්කාම මට දැනෙන දේ කියාගන්න විදියක් තිබ්බේ නෑ. 

"ටකේෂ් මහත්තියා...." සෙල්වි අම්මා මාව දැකලා ගෙදරට දුවලා ගියා. මම බිම බලාගත්තා. ඇත්තටම මට සමනලිව රකින්න තරම් කොණ්දක් තිබ්බේ නෑ. මම බයගුල්ලෙක් විතරයි. එහෙම එකෙ මම කොහොමද මේ මනුස්සයාට තවත් මූණ දෙන්නෙ.

"මහත්තියා..." සෙල්වි අම්මා කෑ ගහගෙන දුවන් එද්දි මම ගල් වෙලා හිටියෙ. දෝණි මාව ඉස්සරහට තල්ලු කරපු නිසා අඩියක් තියවුනා මිසක වෙන විදියක් තිබ්බේම නෑ.

"මේක ගන්න... යේක අසම්පූර්ණ වුනත්... මයෙ කෙල්ල මහත්තියාට හැදුවේ..." ඩයරියක් වගෙ පොතක්.

"මේක..."

"මහත්තියාගෙ ජන්ම දිනේට හදන්න ගත්තේ... එත් කෙල්ලට දී ගන්න බැරි වුනා..." සෙල්වි අම්මා කදුලු පුරවගද්දි මම ඒ මනුස්සයාව තදින් බදා ගත්තා.

❄ ශීත 🍻Where stories live. Discover now