16

579 98 25
                                    

අද රෑ සීතල නෑ. ෆෑන් එකත් දාගෙන ජනෙල්ල ඇරියත් වැඩක් නෑ සීතලක් නෑ. අද රෑ කලුවර වැඩිද? මෙහෙට අපි ආවේ 10ට. එත් දැන් පාන්දර 1ත් වෙලා මට නින්ද යන්නෙ නෑ. සුදු බල්බ් වගෙ දිලිසෙන වතුසුද්ද ගහ ඇරුනාම කිසිම දේක ලස්සනක් මේ ඇස් වලට පේන්නෙ නෑ.. ඇදයි, මේසෙයි, පුටුවයි එක්කම තිබ්බ කබට් එකකුයි තියාගෙන මම ඉන්නෙ බිත්ති හතරක් මැද්දෙ. නෑ මට සතුටක් දැනෙන්නෙ නෑ... වෙනදා වගෙ නැති අමුතු හිසරදයක් දැනෙනවා. මට ඕනේ වුනා එළියට යන්න සිමෙන්ති අතුරපු ඒ මිදුල පුරාම එක පස් මිටක් හරි හොයන්න. මල් පෝච්චියක් වත් නැති අපේ ගෙදර ඔහේ තියෙන්නෙ තනි වතුසුද්ද ගහ විතරයි..

අපේ ගේ වට කරලා තියෙන තට්ටු තට්ටු ගෙවල් වලින් කාමර දෙකකුයි, පුංචි සාලෙයි කුස්සියයි තියෙන අපේ බාතෲම් එකත් තිබ්බේ තාම හදන ගමන්. ලොකුවට නැතත් තාම කොමඩ් එකක් වත් හයි කරලා නෑ. නිකන්ම නිකන් ඒක ටොයිලට් එකක් විතරක් කියන්නත් පුලුවන්. රුවන් එළියෙ මහ බංගසාලෙට තිබ්බ ඒ මහා ගේ වගෙ නෙවේ අපි කොටු වෙච්ච බල්ලො ගානයි. මට දැනෙන්නෙ. දුප්පත්කමේ දෝංකාර කන් දෙවනත් කරද්දි මේ හැමදේකින්ම හැංගිලා යන්න හිතුන පළවෙනි පාර අද.

මම එහෙම නෑ මට ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. මම පොඩි කාලේ ඉදන් ට්‍රේන් වුනේ මොනවා වුනත් ඉස්සරහට යන්න. මොකද මගෙ අප්පච්චි මාව හැදුවේ එහෙම තනි කොල්ලා වුන මට ඔක්කොම දර දඩු ට්‍රේන් එක එයා දුන්නා. එයාගෙ පොලිසිය වගෙ කියලා හිතලා. පොලිස් කාරයෙක්ගෙ පුතෙක් ඒක ඉස්සර මට පට්ට නම්බුවක් ගෙනාවා. එත් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන කොට

'අන්න මචන් පගා කාරයෙක් එනවා...'

'හෙණ ගහනවා ඔකුන්ට අපේ සල්ලි බුදිනවට...'

'ඔය ඇගෙ දුවන්නෙත් පගාවේ අමුර්තය බං...' මට ඇහුනේ එහෙම දේවල්. මගෙ අප්පච්චි ලොකු මනුස්සයෙක් නෙවේ. එයා සාජන් කෙනෙක්. පොඩි පොඩි තරු යුනිෆෝම් එකෙ එල්ල ගන්න ආස මිනිහෙක්. හරි ලෝකෙ සාධාරණ නෑ. ෆිල්ම් එකක පෙන්නනවා මූ අවංක මිනිහෙක් තරු එපා, ප්‍රමෝශන් එපා අරකද මේකද?? එත් ඇත්තටම මිනිහෙක් රස්සාවක් කරන්නෙ ඕවා බලාපොරොත්තුවෙන්.

එත් මගෙ අප්පච්චි අද වෙනකල් ජරාව කෑවේ නැතුව ඇති. එහෙම කෑවා නම් තහනමක් විදියට මෙච්චර කාලයක් එයා පුත්තලමේ ඩියුටි කරන්නෙ නෑනේ. ලොක්කොන්ගෙ කකුල් ලේව කන මිනිහා සැප විදිද්දි ඌන් කියන කියන දේ නොකරන මිනිහා වලපල්ලට යනවා. ලංකාවේ තියරි එක හරි සිම්පල්. ඉතින් එහෙමයි අප්පච්චි පුත්තලමේ ඩියුටි වැටුනේ දෝණිගෙ කසාදෙ නිසා වැඩිපුර නිවාඩු ගත්තා කියලා ආව පෙත්සම නිසාලු.. අපි ඒක පිලිගත්තා. ඒ නිසාම මට කැළණියට යන්න වුනේ. අම්මා වටේ ඌන්ට වෙස්සන්තර වෙලා ණය අරන් දුන්න නිසාත් තව දෝණිගෙ ප්‍රශ්න නිසත් මම කැළණියට හිර වෙලා අරම දෙයක් කර ගත්තා ඉතින්. පස්සෙ ගෙදර ඉන්නත් බැරි නිසා මම කැළණියෙ අම්මා අප්පච්චි එක්ක ගියා. හේ හේ...

❄ ශීත 🍻Where stories live. Discover now